(අංජුල මහික වීරරත්න)
රටෙි බලය ගන්න අවශ්‍ය නම් ගමට ඇවිත් වැඩ කර පෙන්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්ෂ වලට විවෘත ආරාධනයක් කළේය.
එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව අනිත් පක්ෂවල අයටත් එන්නැයි ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා කීය.
සජබෙ අයටත් එන්න කියන්න. ජනතා විමුක්ති පෙරමුණටත් එන්න කියන්න. ඒ අය කොටසක් අරගෙන වගා කරන්න.අක්කරයට අපි වගේ දෙගුණයක් අස්වැන්න ඒ අය ගන්නව නම් ආණ්ඩුව දෙන්න කියලා ඉල්ලන පුළුවන්. ඒත් කරන්න බැරිනම් වැඩක් නෑනේ. බලය අවශ්‍යනම් පෙන්නන්න තමන්ට වැඩ කරනන් පුලුවන් කියලා. ගම් මට්ටමට ඇවිල්ලා ඒක කරන්න. සියලු පක්ෂ එක්ක කතා කරලා හැම දෙනාම එකට එකතු කර ගන්න මම සූදානම් යැයි ජනාධිපතිවරයා අනුරාධපුරයේ පැවති රැස්වීමකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නේ නැහැ ඒ සූත්‍රය පහු ගිය චන්දෙදි පාවිච්චි කලේ නැත්තේ.
ඡන්ද ක්‍රමයත් වෙනස් කරන්න. එතකොට අපිට පුළුවන් පාර්ලිමේන්තු යවන කෙනාව හරියටම තෝරාගන්න...
දැන්නම් හොදටම මෝරලා වගේ. තවත් විහිලු සපයන්නේ නැතිව පුලුවන්නම් ඡන්දයක් තියන්න.
It looks to me, the president is in the right path after he passed age 72. Great.
ඔබ තුමා අවුරුදු 20ක් විපක්ෂ නායක වෙලා හිටියා. අවුරුදු 8ක් රටේ අගමැති වෙලා හිටියා. කියන්න බලන්න ඔබ තුමා ගමට ඇවිල්ලා කරපු එක වැඩක්.
ජවිපෙ ඉන්නෙ කවුද කියලා අපි දන්නේ නැහැ. කීප දෙනෙක් රූපවාහිනි මගින් දකිනවා පමණයි. පසුගිය මැතිවරණ අවස්ථාවල නම් ලැයිස්තු දැක්කාට ඔවුන් කවුද කොහේ අයද? මොනවද කරන්නේ දන්නෙ නැහැ.. කිසිම දවසක ගමේ ගොඩේ කිසිම ආගමික ස්ථානයක දකින්නට නැහැ.. මැතිවරණ අවස්ථාවල ප්‍රතිපත්ති ප්‍රකාශ නැහැ. ඔවුන්ට ඡන්දය දෙනවා නම් දෙන්න වෙන්නේ ගෝඨාභයට දුන්නා වගේ තමයි..
ඡන්දයක් ළංවෙනකොට දේශපාලුවන් ගමක් ගමක් ගානේ යනවා.. බලන්ඩ එපැයි ඒ කාලෙට තියෙන හිතවත්කම, උනන්දුව... දිනුවාට පස්සේ හොයාගන්නත් බැහැ. දේසපාලුවන්ට කපටි, කෛරාටික සූත්තර නම් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ.
දේශපාලුවන්ට සූත්තර ගැන අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැ. කලින් හිටපු පාලකයින් රටේ බලය අල්ලපු හැටි, ගහපු ගේම් ලෝකෙම දන්නවා...
ආයේ අහවල් දේකටද ඔය කියන සූත්තර .තමුන්ව ආදර්සෙට ගත්තම වැඩේ හරිනේ?