
(අංජුල මහික වීරරත්න)
නාවින්න පොදු ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඕනෑම අයෙකුට ක්‍රීඩා කළ හැකි පරිදි පොදු ක්‍රීඩාංගණ සකස් කිරීම ඉතා වැදගත්වන බවයි.
පැවති රජයන් විශාල වශයෙන් මුදල් වියදම් කර ක්‍රීඩාංගන මුල්ගල තැබීමෙන් පමණක් අවසන් කර ඇති බව අමාත්‍යවරයා කීය.
මෙරට සියලු ප්‍රදේශ ආවරණයවන පරිදි ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය පොදු ක්‍රීඩා පිටි සකස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කීය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේයි...වැසිකිළි ඉවරද? ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉන්නේ වෙනත් ලෝකවල... රටට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ?