
(සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි සැඟව සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් 25 දෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට සහාය දෙන බවට ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල් )දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පාතාල නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඉෂාරා සෙව්වන්දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඩුබායි සහ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් පදිංචිය වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටින බව වාර්තාවේ.
එම උත්සාහය වැළැක්වීමටද කටයුතු කරන බව ජාත්‍යන්තර පොලිසිය දැනුම්දී ඇත.
මෙරටින් පලා ගිය අපරාධකරුවන් වැඩි පිරිසක් දැනට රැඳී සිටින්නේ ඩුබායි ඉන්දියාව හා ප්‍රංශය ඇතුළු රටවල බව ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ගේ ඉන්ටපෝල් එරෙහිව නිවේදනය බලාපොරොත්තු වන්න.
කොස්ගොඩ නදුන් සහ ඔහුගේ ගෝලයා වන කොස්ගොඩ සුජි ගැනත් සොයන්න , මෙගොල්ලගේ නම කියමින් අමබලන්ගොඩ , බලපිටිය , කොස්ගොඩ , උරගහ , අලුත්ගම ප්‍රදේශ වලින් අවම වශයෙන් මසකට රුපියල් කෝටි 20 ක පමණ කප්පම් එකතු කරනවා. මම දන්නා තරමින් නදුන් කියන මනුස්සා ප්‍රසිධියේ ඉතාලියේ ජීවත්වෙනවා