
(රංජිත් කස්තුරි)
ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
ඒ අනුව හෙට (22) සිට පුරා මාසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඳවන බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිද හමුදාව යොදවන්නේ කොයි සතුරු බලවේගයෙන් බේරගන්නද? ජනතාව මේ කොරෝනා මැද්දේ අවිනීතව හැසිරෙන්නේද?
අපේ අතිපූජනීය අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම ඉටුවේගෙන එන පාටයි. දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ...?
මේ ලෝකේ මේ වගේ මොලේ අමාරුකාරයන් එකඑක යුගවල, එකඑක රටවලින් පහළ වුණා. ඒ ගොල්ලෝ හිතුවේ හමුදාව දාලා රටේ මිනිස්සුන් මෙල්ල කරන්න ලෙහෙසියි කියලා. නමුත් ඒ හැම රටකම අන්තිමට සිදුවූයේ දුෂ්ඨ පාලකයා හිතපු නැති දෙයක්... අන්තිමට හමුදාව කලකිරීමට පත්වුණා... "මෙහෙමත් අහිංසකයින් මරන්න උන් කරපු වැරැද්ද මොකක්ද ...? " කියලා උන් උන්ගේ හෘද සාක්ෂියෙන් විමසුවා. අන්තිමේදී හමුදාවේ තුවක්කු බටයක් දුෂ්ට පාලකයා දෙසට හැරවුණා. ඒ හමුදා නිලධාරියා පාලකයාගේ ලඟම හිතවතෙක්, එ්ත් ඒ අසාධාරණයට විරුද්ධ උතුම් හදවතක් ඇති මිනිසෙක්. කොකා ගැස්සුණා. බුලට් රැලක් දුෂ්ට පාලකයා අපායටම අරගෙන ගියා. අවි ගත්තෝ අවියෙන්ම නසිති. එය සදාතනික සත්‍යයක්. ඒ ධර්මතාව මේ රටටත් වලංගු සත්‍යයක් වනවා නොඅනුමානයි.
තමන්ගේ නොහැකියාව පිළිගෙන වහාම ඉල්ලා අස්වී ජනාධිපති වාරණයක් තියන්න මෙයා බයයි. මොනවා කළත් දවසක කූඩුවට යනවා.
හිට්ලර්නේ ඕනෑ කිව්වේ... ඔන්න එනවා.
අද හැමතැනම කොරෝනා ලෙඩ්ඩු. මේ වගේ ජනාධිපතිවරයෙක් පත්කරගත්ත එක ගැන කණගාටුයි. රට ලොක්ඩවුන් කර, මෙම රෝගය පාලනය කරේ නැත්නම්, මොහුටත් විරුද්ධව අපරාධ චෝදනා ගොනුකිරීමයි කළ යුත්තේ...
ඉතා කාලෝචිතයි. නැත්තං ඔබතුමාට මේ මේ රට හරක් සෙට් එක බලන්න වෙන්නේ නෑ. ඒ වගේම නීති කඩකරන උන්ට එතනම දඩුවම් කරන්න කියන්න . ගං වල මිනිස්සු කසිප්පු බොන්න තාම හවසට යනවා. උන් තමයි මේක පතුරුවන්න මුල් වෙන්නේ. ඒ ගැනත් බලන්න කියන්න. එදා වේල හරි හම්බකරගන්න මිනිස්සු පව් තමයි. හැබැයි ඔබතුමා මේක කරන්නේ බැරිම තැන කියලාත් අපි දන්නවා.
මේ පෙන්නන්නේ පාලකයාගේ සහ අදාළ බලධාරීන්ගේ නිලධාරීන්ගේ නොහැකියාව... හමුදාවක් ඉන්නේ බල්ලෝ එළවන්න නොවේ.
පෝය කිට්ටුවෙනකොට ඔය වගේ විකාර දේවල් කරනවා. අද බෙහෙත් බීලා නැතිවද කොහෙද?
ප්‍රතිචාර දාන අය ඔක්කොම ඉන්නේ ලංකාවේ නොවේ පිටරටවල. මාත් එහෙමයි. ලංකාවේ ඉන්න මිනිස්සුන්ව පාලනය කරන්න නිකන් බැහැ. දරදඬු පාලකයෙක් ඉන්න ඕනෑ. මේ එක එක්කෙනා කියන ඒවාඅහන්න ගියොත් රට හදන්න බැහැ. ජෙප්පෝ කියනවා. එජාප කාරයින් සංස්කෘතිය වෙනස් කරලා යුරෝපය සතුටු කරන්න හදනවා. මේවා ඉතින් බහුතරයකට පේන්නේ නැහැ. කාලාබීලා හිටියාම හොඳටම ඇති කියලා හිතන් ඉන්නේ..