IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රජිව් ගාන්ධි ඝාතකයාට නිදහස

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන්  වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය විසින් 2018 වසරේ සැප්තැම්බර් මස පෙරරිවාලන් හට සමාව ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ අතර ආණ්ඩුකාරවරයාගේ ප්‍රමාදය හේතුවෙන් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ අධිකරණයට ලබා දී ඇති බලතල ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

1991 වසරේ රජීව් ගාන්ධි ඝාතනය වන අවස්ථාවේ අවුරුදු 19ක් වූ පෙරරිවාලන්, රජිව් ගාන්ධි ඝාතනය කිරීමට යොදා ගත් බෝම්බය සඳහා වෝල්ට් 9 බැටරි දෙකක් මිලදී ගත්තේ යැයි චෝදනා එල්ල වුවේය.

පෙරරිවාලන් හට ත්‍රස්තවාදය සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉන්දීය අධිකරණය මරණ දඬුවම නියම කළේය. වසරකට පසුව  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවම අත්හිටවූ අතර 2014 වසරේදී එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට පරිවර්තනය කළේය.

2022 වසරේ මාර්තු 9 වෙනි දින පෙරරිවාලන් හට ඇප ලබා දුන්නේය. අද (18) වසර 31 කට පසු ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය.

ඒ.ජී පෙරරිවාලන් නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින ශ්‍රී ලාංකික ජාතිකයන් වූ නලිනී සිරිහරන් සහ ඇගේ ස්වාමිපුරුෂයා මුරුගන් ඇතුළුව අනිකුත් වැරදිකරුවන් 6 දෙනාට ද නිදහස් වීමට මාර්ගය පෑදෙනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

(034)



අදහස් (2)

රජිව් ගාන්ධි ඝාතකයාට නිදහස

Kule Wednesday, 18 May 2022 04:10 PM

කරනලද විනාශය වසර 31 ට සමකළ හැකිද?

:       2       13

fairoos Wednesday, 18 May 2022 04:52 PM

දැන්නම් කොටි නැගිටියි වගේ තමයි පේන්නේ...

:       3       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 236 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 429 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site