(මනෝජ් හර්ෂික)
ශ්‍රී ලංකා රටරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු මැයි 27 දා ආරම්භ වන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බී.ඒ.කරුණාරත්න මහතා පවසයි.
ඒ අනුව ව්‍යවහාරික විද්‍යා පීඨය, තාක්ෂණ පීඨය, කෘෂිකර්ම පීඨය යන පීඨයන්හි අධ්‍යයන කටයුතු මැයි 27 වන දින ආරම්භ වන අතර එම පීඨයන්හි සිසුන් මැයි 26 දින නේවාසිකාගාර වෙත පැමිණිය යුතුය.
කළමනාකරණ පීඨයේ අධ්‍යන කටයුතු මැයි 27 ආරම්භ වන අතර, එම පීඨයන්හි සිසුන් මැයි 25 නේවාසිකාගාර වෙත පැමිණිය යුතු වේ.
විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන සිසුන් තම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ශිෂ්‍ය හැඳුනුම්පත හෝ ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ආ යුතු බවත් ආරක්ෂක හේතූන් මත දහවල් 12.00ත් පස්වරු 4.00ත් අතර කාලය තුළ පමණක් සිසුන් පැමිණිය යුතු බවත් කරුණාරත්න මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd