IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රජය සහල් සමිති යෝජනා ප්‍රතික්ෂේප කරයි

(යොහාන් භාසුර)

සහල්වලට සම්බන්ධ එක සමිතියක් යෝජනා කළ සහල් මිල රජයට පිළිගත නොහැකි බවත් රජය සද්භාවයෙන් පාරිභෝගිකයා සහ ගොවියා ආරක්‍ෂා කිරීමට උපරිම මිල ඉවත්කිරීම කිසියම් පාර්ශවයක් වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් අනිවාර්යෙන්ම රජය ඊට මැදිහත් වන බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට අද (28) පස්වරුවේ පැවසීය.

රජය ලබාදුන් නිදහස පාවිච්ච කර යම් පාර්ශවයක් සහල් මිල වැඩි කිරීමට කටයුතු කළ හොත් එයට මැදිහත් වීමට සිදුවන බව කී රාජ්‍ය අමාත්‍ය අලගිවන්න මහතා එක සමිතියක් ඉදිරිපත් කළ මිල රටේ සහල් මිල බවට පත්වීමට ඉඩ නොතබන බවත් සඳහන් කළේය.

එම සමිතිය නාඩු සහ කීරි සම්බා සඳහා ඉදිරිපත් කර ඇති මිල කෙසේවත් පිළිගත නොහැකි මෙන්ම සාධාරණ නොවන බවත් එක සමිතියක් එවැනි මිලක් තීරණය කරන්නේ නම් රජයක් සිටීමෙන් ඵලක් නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (12)

රජය සහල් සමිති යෝජනා ප්‍රතික්ෂේප කරයි

Faizer Tuesday, 28 September 2021 09:47 PM

කීරි සම්බා සමඟ ගනුදෙනු කිරීමේ ඔබේ අකාර්යක්ෂම ක්‍රමය ඔබ තේරුම් ගෙන තිබීම ගැන අපි සතුටු වන්නෙමු.

:       3       30

mihira Tuesday, 28 September 2021 09:47 PM

අනේ මේ මැදිහත් වෙලා නිකන් නෝන්ඩි නොවී ඉන්න. ඔබතුමාලට බැ ඒවා පාලනය කරන්න

:       2       39

පැරකුම්Wednesday, 29 September 2021 09:51 AM

මේ වනාහි පවත්නා රජයේ නොහැකියාව ප්‍රදර්ශනය කරන තවත් එක් සිද්ධියක් පමණි. ලංකාව ක්‍රමයෙන් තවත් මෙක්සිකෝවක් නොකර රජය ගෙදර ගියොත් හොඳයි නේද…?

:       0       12

සිරිබිරිස් Tuesday, 28 September 2021 11:02 PM

එතකොට සීනි, සුදුළූණු වුන දේ මතක නැතේයි? ඒවත් උනේ මේ රජය කාලේ නෙවෙයිද ?

:       2       40

දිනේෂ් Tuesday, 28 September 2021 11:40 PM

තව දුරටත් සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ බදු මුදලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහෙර සදහා සහනාධාර ලබා නොදී, ගුණාත්මක සහල් ආනයනය කර සහන මිලට සාමාන්‍ය පාරිභෝගිකයන් හට ලබා දීමට රජය කටයුතු කළ යුතුය. සහල් මිල තීරණය කිරීම එක් පාර්ශවයකට හිමි වීමෙන් නුදුරේදීම සහල් මිල අහස උසට යනු ඇත. සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ ආදායම ඒ හා සමානව වැඩි නොවන බැවින් පරිබෝජනය සීමා කිරීමට සිදු වනු ඇත. එබැවින් බහුතරයක් වන සාමාන්‍ය පාරිභෝගිකයන් ගැන සිතා රජය යහපත් ප්‍රායෝගික තීරණයක් ඉතා ඉක්මණින් ගත යුතුය

:       3       30

PereraWednesday, 29 September 2021 12:04 AM

රසායනික පොහොර නොයෙදූ, ගුණාත්මක හාල් ආණ්ඩුව කියන ගණන් වලට ගන්න තියෙන රටක් දෙකක් කියන්නකෝ

:       3       32

Kumar (Gulf) Tuesday, 28 September 2021 11:49 PM

මුදලාලිලාටත් යටත් ආණ්ඩුවක්

:       3       41

මලය Wednesday, 29 September 2021 06:16 AM

මුන්ගේ කයිවාරුව විතරයි, ලොකු ටෝක්ස් ඩඩ්ලිලා ඉදිරියේ බලුවෙනවා.. කෝ අපේ විරුවා..? තාම ඇමරිකාවේද?.

:       0       0

Lal Wednesday, 29 September 2021 07:17 AM

ආණ්ඩුවේ සියලුම වැඩපිළිවෙළවල් අසාර්ථකයි. දැං ඉතිං වෙන කරන්න දෙයක් නෑ ගෙදර යන්න...

:       0       0

Ratne Wednesday, 29 September 2021 08:37 AM

අසමත් රජුගේ රට කෙරුවාව. පසුපස ගියරය නැත්නම් ඇපත් නෑ...

:       3       8

Lalith M Wednesday, 29 September 2021 12:08 PM

අනාගත්ත රජුගේ රජය තිබිලා වැඩක් නෑ මහජනතාවට... ඒක ඇත්ත කියලා තේරෙනවා නම් ලොකු දෙයක්. තම බැරිකම පිලිගෙන පැත්තකට වෙන්න ඕනෑ කියලා දැනගන්න ඕනෑ...

:       0       0

fairoos Wednesday, 29 September 2021 12:58 PM

වැඩ බැරි ටාසන් සහ හොරු හතළිහ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 57 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 96 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 307 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 465 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 207 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 440 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site