
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් විෂමතා හා ඊට සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක් පත් කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ සභාපතීත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ බව තීරණය විය.
දැනට බලාත්මක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 සහ 3/2016 මගින් රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධ කාරණා තීරණය වන බවත් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවලට අදාළ රාජකාරී නිශ්චිත නොවීමත් විවිධ විෂමතා හා නොගැළපීම් හමුවේ අතෘප්තිකර තත්ත්වයන් හේතුවෙන් මේ සම්බන්ධ විවිධ සංවාද සහ කථිකාවන් පසුගිය කාලයේ ඇතිවූ බවත් මෙහිදී අදහස් දැක්වූ අනුකාරක සභාවේ සභාපතිවරයා පැවසීය.
ඒ අනුව රාජ්‍ය සේවයේ වෘත්තීය බව ඉහළ නැංවීම සඳහා දැනට පවතින තනතුරු සහ ඊට අදාළ කාර්යයන්, වැටුප් තල යනාදිය පිළිබඳ විද්‍යාත්මක සමාලෝචනයකින් අනතුරුව සමස්ත රාජ්‍ය සේවයේ නව වැටුප් ව්‍යුහයක් හදුන්වා දීමට අවශ්‍ය යෝජනා මෙම අනු කාරක සභාව මගින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
264
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය සේවා වැටුප් විෂමතා ගැන බලන්න අනුකාරක සභාවක්
Weerasekara Friday, 01 August 2025 04:34 AM
2006 අවුරුද්දේ ඇතිකළ වැටුප් විෂමතාවය ඉතාමත් බරපතලයි... සමහර ශ්‍රේණියක අධිශ්‍රේණියේ අයට වඩා පහළම අයට (එකල දේශපාලුවෝ උන්දැලා පත්වුණාම රැකියාදීම කළ අයට සැලකීම සඳහා කළ දෙයක් කියන්න පුළුවන්) වැඩි වැටුප් දුන්නා යහපාලන අවසානේ විශ්‍රාමිකගේ වැටුප් සංශෝධන කරද්දී දේශපාලුවන්ට කඩේ ගිය අයට වැටුප් වැඩිවෙන්න හැදුවා දැන් ඉතින් එහෙම හදපුවාට අනුපාතිකව හදනවා. කොහොමින් කොහොම හරි වැටුප් පරිමාණ හදන පිරිස් කරන්නේ තමන්ගේ වාසියට සමග දේශපාලුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම පමණයිද කියලා හිතෙනවා...