(සුජිත් හේවාජුලිගේ)
මෙරට බරපතළ පාඩු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැග ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි.
මින් වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීයකි.
මීට අමතරව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සතොස යනාදියද බරපතළ පාඩු ලබන ආයතන ලෙස හඳුනාගෙන ඇතැයි එම කමිටුව සඳහන් කරයි.
මෙම ආයතනවලින් බහුතරයක් පාඩු ලැබීමට හේතුවී ඇත්තේ පසුගිය රජය සමයේදී එම ආයතනවල සිදුවූයේ යැයි කියන දූෂණ අක්‍රමිකතා සහ කාර්යසාධනයේ අඩුපාඩු බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි කෝප් කමිටු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර කොරෝනා තත්වය නිසා ඇතිවූ ආර්ථිකමය බලපෑම්ද මෙම ආයතන යම් යම් ආකාරයට පාඩු ලැබීමට තවත් ප්‍රධාන හේතුවක්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත දැනටමත් විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය රජයේ පාඩු ඇමෙරිකාවෙන් එළිවෙනවා. මේ රජයේ පාඩු ඊළඟ රජයෙන් එළිවෙනවා. කොයි පොඩි ළමයාද ඕක නොදන්නේ...?
මේවාට හරියට වැඩ කරන්න පුලුවන් මිනිස්සු දැම්මා නම් දියුණු වෙනවා. මේවාට දේශපාලන පන්දන් කාරයින් දානවා... දාපු දවසේ ඉඳන් හොරකන් කරනවා. ඊට පස්සෙ කියනවා පාඩුයිලු. මිනිස්සු නිකන් බඩු ගන්නෙත් නෑ. නිකන් විදුලිය ගන්නෙත් නෑ.
පළාත් සභා තරම් තවත් සුදු අලියෙක් සිටීද කියන්න... ?