(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා මුදල් තවදුරටත් නොදීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ විශේෂ කණ්ඩායමක් කරුණු සොයා බලමින් සිටින බවයි
රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කාරණය ප්‍රසිද්ධියට පත් කෙරුණු බවත් මේ අනුව කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුමැතියදී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මුදල් අමාත්‍යාංශය වෙනම ඒකකයක් පිහිටුවා ප්‍රතිව්‍යුහගතකරණයට සුදුසුම ක්‍රමවේදය අධ්‍යයනය කරමින් සිටින බවද ඔහු කීවේය.
රටක් හැටියට ඉදිරියට යනවානම් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑමට මහා භාණ්ඩාගාරයට මුදල් දීමක් තවදුරටත් කළ නොහැකි බවත් අනාගතයේදී ඇතිවන අභියෝගාත්මක ආර්ථික තත්වයන්ට ඔරොත්තු දිය හැකි ආකාරයට රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතු බවත් සේමසිංහ මහතා කීවේය.
රාජ්‍ය ව්‍යාපාර ක්‍රම කිහිපයකට ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදහස් කරගෙන සිටින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ සියලුම ප්‍රතිව්‍යුහගතකරණයන් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් තොපේ ඕනකම් වලට කරපු එව්වයේ ණය ගෙවපල්ලා. හොදම උදාහරණය ඩොලර් මිලියන 350 රොකට් එක.