IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘රාජ්‍ය ව්‍යාපාරවලට මින්පසු රජයෙන් සල්ලි නෑ’

(සුජිත් හේවාජුලිගේ )


රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා  මුදල් තවදුරටත්  නොදීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ  රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්  මුදල් අමාත්‍යාංශයේ විශේෂ කණ්ඩායමක්  කරුණු සොයා බලමින් සිටින බවයි

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට  අදාළ කාරණය ප්‍රසිද්ධියට පත්  කෙරුණු බවත්    මේ  අනුව කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුමැතියදී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මුදල් අමාත්‍යාංශය වෙනම ඒකකයක් පිහිටුවා ප්‍රතිව්‍යුහගතකරණයට සුදුසුම ක්‍රමවේදය අධ්‍යයනය කරමින් සිටින බවද ඔහු කීවේය.

රටක් හැටියට ඉදිරියට යනවානම්  රාජ්‍ය ව්‍යාපාර   පවත්වාගෙන යෑමට මහා භාණ්ඩාගාරයට  මුදල් දීමක් තවදුරටත් කළ නොහැකි බවත් අනාගතයේදී ඇතිවන අභියෝගාත්මක ආර්ථික තත්වයන්ට ඔරොත්තු දිය හැකි ආකාරයට රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතු බවත් සේමසිංහ මහතා කීවේය.

රාජ්‍ය ව්‍යාපාර ක්‍රම කිහිපයකට   ප්‍රතිව්‍යුහගතකරණය  කිරීමට අදහස් කරගෙන සිටින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ සියලුම ප්‍රතිව්‍යුහගතකරණයන්  පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත්  කරන බවද සඳහන් කළේය.

 



අදහස් (1)

‘රාජ්‍ය ව්‍යාපාරවලට මින්පසු රජයෙන් සල්ලි නෑ’

සල්ලි Sunday, 23 July 2023 08:44 PM

ඊට කලින් තොපේ ඕනකම් වලට කරපු එව්වයේ ණය ගෙවපල්ලා. හොදම උදාහරණය ඩොලර් මිලියන 350 රොකට් එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site