
(යොහාන් භාසුර)
ආහාර, ඉන්ධන සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩවල මිල පාලනයකින් සහ සීමාවකින් තොරව ඉහළ දැමීමට සහ රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් රාජයේ මුද්‍රණ වෘත්තීය එකමුතුව බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (26) දහවල් විරෝධතාවක් දැක්වීය.
‘මහජනතාව නොමරා මරණ ජනපීඩක ගෝඨා - රනිල් ගෙදර පල’, ‘රාජ්‍ය සේවක දීමනාවලට අතනොතබනු’ සහ ‘ජනතාවාදී පාලනයක් ගොඩනගමු’ යන සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් මෙහිදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයෝ විරෝධතාව දැක්වූහ.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි දෙනා නිකන් ඉඳලා පඩි ගන්නවා. මුළු අවුරුද්ද පුරාම නිවාඩු. 3.30 ඉඳලා ගෙදර යන්න දඟලනවා. ඒ මදිවාට ඉරිදා රජයේ නිවාඩුවක් වැටුණාම ඒක සඳුදාට දෙනවා. රජය වියදම් කරනවාට වැඩිය ඵලදාවක් නැහැ. එතකොට රජයේ අය විතරද කන්නේ, බොන්නේ? පුද්ගලික අංශයේ අපි..?
දීමනා. හොර ඕටී. ඕවා ගෙවපුව තමා දැන් දිරවගන්න බැරුව ඉන්නෙ.