(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කළේය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදු විය.