රංජන් කස්තුරි
රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
එම චක්රලේයෙන් පැනනැගුණ විරෝධය හේතුවෙන් චක්‍රලේඛය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි පැවසේ.
රජයේ ආයතනවල නිලධාරීන්ට කමිසය සහ කලිසමත්, නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියත් අඳීම අනිවාර්ය වන අතර කිසිදු නිලධාරියෙක් මුහුණ ආවරණය නොකර අනන්‍යතාවය හඳුනාගත හැකි අයුරින් සිටිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් කර තිබිණ.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසීමක දී රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීවේ තවත් සංශෝධනයක් කර එය නැවත නිකුත් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බය වුණාද තම්බින්ගේ ඡන්ද නැතිවෙයි කියලා...
සංශෝධනය කරන්නේ මුහුණ වහගෙනනේ.. තව ටික දවසය් රඟපාන්න වෙන්නේ. ඊළඟ ඡන්දෙ උඹලා ගැන ජනතාව බලාගනීවි.
මේ තීරණය ගැන.. අපි ඉතාමත් සන්තෝස වෙනවා .. ස්තුතියි .!
රටේ අවශ්‍යතාවය මොකක්ද? විරෝධයටම ඉඩදීලා රට කරන්න පුළුවන්ද?
ඕකතමයි ඇමතිතුමා අපි කියන්නේ රටට අණපනත් අනුමත කරන්න පෙර මේ ලංකාදීප පත්තරේ වගේ ජනතා අදහස් විමසීමට ක්‍රමයක් සකස්කරන්න කියලා...
එ්කත් එතකොට සිංහලයට කෙළවෙන විදිහට සංශෝධනය කරලා එලි දක්වයි... විශ්වාසයටම..
"බුර්කාව සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි" ... අනෙකුත්, "පුද්ගලයා හඳුනාගැනීමට නොහැකි" සෑම සංස්කෘතික හෝ ආගම්වාදී හිස්වැසුම් තහනම් කළ යුතුයි ... යතුරුපැදි හිස්වැසුම් සමග කිසිම රජයේ හෝ පුද්ගලික ගොඩනැගිල්ලකට ඇතුළුවීම තරයේ තහනම් කළ යුතුයි ... සහ එවැනි හිස්වැසුම් සහ ගමන්මලු.. ගොඩනැගිල්ලකට ඇතුල්වීමේදී එහි සිටින.. ආරක්ෂක නිලධාරීන් හට බාරදිය යුතුයි... ! මෙන්න මේ විදිහට තමයි.. දියුණු රටවල්වල ආරක්ෂාව සලසාගෙන තියෙන්නේ...
මේ ආණ්ඩුවේ වැඩ කිසිම පිළිවෙලකට කරන්නේ නැහැ. ගහෙන් ගෙඩි වැටෙනවා වගේ චක්‍රලේඛන නිකුත් කරලා පහුවදාම ඒවා අවලංගු කරනවා.
පාලි, ඉතිහාසය කටපාඩම් කර පරිපාලන සේවයට එන පැවිද්දන්, ගුරුවරුන් හා ලෝකය පිළිබඳ සාමාන්‍ය දැනීමක් වත් නැති අය වෙනුවට, ලෝකය පිලිබඳ දැනීමක් ඇති, නිවැරදි තීරණ ඉක්මනින් ගතහැකි ,දේශපාලකයින්ගේ එහෙයියන් නොවෙන අය පත්කිරීමට හැකි ක්‍රමයක් ඉක්මනින් අවශ්‍යයි. දැනට සිටින පරිපාලකයන්ගෙන් මෙම කාර්යය ඉටු කරගැනීම උගහට බැවින් සුදුසු ක්‍රමයක් සොයා ගැනීම කල හැක්කක්ද?
ආසයි ... බයයි...
පොඩිඅය අඬනකොට හඳ පෙන්නලා දෙන්නම් කියලා ඇඬිල්ල නැවතුණාම හෙමිහිට ගේ ඇතුළට එක්කරන් ගිය වගේ. මුස්ලිම් විරෝධයයි, ආණ්ඩුවට තිබුණු විරෝධයයි සමනය කරන්න චක්‍රලේඛනේ නිකුත් කරලා මිනිස්සු ශේප් කරලා, පස්සේ වැඩේ ක්ලෝස් කරලා දැම්මා. අම්මපා දුර දකින මොලේ තරම...
මෙහෙම සෙවල ආණ්ඩුවක් මේ තුන්ලෝකෙවත් නැතිව ඇති..
මේව ඡන්ද ගුණ්ඩු... වෙන මොනවද?
ඔය මොන ඇදුම ඇන්දත්, නොඇන්දත් හරියට තමන්ගෙ රාජකාරිය කරල ගෙදර යන අය කීයක් ඉන්නවද කියල හොයල බලන්න. වැඩි හටියක් ඉන්නෙ උදේ ඉදන් බයිල ගහල හවස 4 ලන් වෙද්දි වැඩ ගොඩාක් කලාවගේ ගෙදර දුවන්න බලන අය. හා බොරුද
බලමු චක්රලේඛණය කොහොම එයිද කියලා. බුර්කාව ජාතික ඇඳුම කරයිද දන්නෙ නෑ. ඒ තරම් නින්දිත , නිවට , පාලනයක් දැන් තියෙන්නෙ
රජ්‍යසේවයට අදාළ කිසිම නීතිය සම්මත කර ගන්න බැරි නිවට නියාලු රජයක්.
චක්‍ර ලේඛනයක්වත් හරියට නිකුත් කරන්ඩ බැරි අය රටක් කරවන්නේ කොහොමද?
ඉතින් ... පස්සේ නේ මතක් උනේ. ඡන්දෙයකුත් එනවා. පුටුව පරිස්සම් කරගන්නත් වෙනවා කියලා අනේ මෙහෙම තණ්හාවක්.
මේ තීරණය ගැන.. අපි ඉතාමත් සන්තෝස වෙනවා. ස්තුතියි .!
සියලුම පක්ෂ හිතාගෙන ඉන්නේ අපේ ඡන්දෙ විතරක් අනිවාර්යෙන්ම ලැබෙනවා අර ගොල්ලොන්ගේ ඡන්දෙ විතරක් පා වෙනවා කියලා. ඒකනේ ඒ අය ගැන විතරක් හිතන්නේ.