(සුජිත් හේවාජුලිගේ )
රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක් ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර මෙම වසරේ මුල් මාස පහ තුළ රජයේ සාමාන්‍ය දිනක වියදම රුපියල් කෝටි 1425 ක් බව පැවසූ මේ අනුව තම සියලු වියදම් පියවා ගැනීම සඳහා රජයට දිනකට රුපියල් කෝටි 677කට ආසන්න ණය මුදලක් ගැනීමට සිදුව ඇතැයිද ඔහු කීවේය.
රජය සිය වියදමින් සියයට 91 ක් දරන්නේ පුනරාවර්තන වියදම්(පඩි නඩි) සඳහා බවත් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කෙරෙන්නේ සියයට 9 ක් බවත් වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මේ අතර මෙම වසරේ පසුගිය මාස පහ තුළ රජයේ මුළු ආදායම රුපියල් කෝටි 112243 ක් බවටත් රජයේ වියදම රුපියල් කෝටි 213710ක් බවටත් වාර්තා වන්නේ යැයි හෙතෙම සඳහන් කළේය.
රජය 2023 අයවැය අනුව ආදායම ලෙස රුපියල් කෝටි 341500 ක් අපේක්ෂා කළද මුල් මාස පහ තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 112243 ක් පමණක් බවද ඔහු පැවසුවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රජයේ දවසක ණය බර කෝටි 343 ට නගී
pakeer Saturday, 12 August 2023 06:49 PM
පුළුවන් නම් වෙළෙඳ දැන්වීමක් හදන්න. අද මෙච්චර ණය වුණා... දැනට මෙච්චරයි. අන්න ඒ වගේ... ඒක තමයි කියන්නේ ණය අරන් මේක කරන්න බැහැ... දියුණු කරන්න ඕනෑ පිටරටවල්වලට සපයන සේවා. නිෂ්පාදන වැඩි කරන්න. ණයම ගන්න එපා.
මහසෙන් Saturday, 12 August 2023 07:14 PM
අවුලක් නෑ... 2048 නේ අපි ණය බරින් මිදෙන්නේ.