(සුජිත් හේවාජුලිගේ )
රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට ලබන වසරේදී රුපියල් තිස් අටදහස් හත්සිය පනස් හතක මුදලක්(38757) මාසිකව වැය කිරීමට සිදුවන බව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
ලබාගත් ණයවල පොලිය ගෙවීම සඳහා රජයට ලබන වසරේදී රුපියල් කෝටි දෙලක්ෂ හැටපන්දහස් එක සීයක් වැය කිරීමට සිදුවනු ඇතැයිද ඔහු කීවේය.
පොලී ගෙවීමට රජයට 2022 වසරේදී වැය කිරීමට සිදුවූයේ රුපියල් කෝටි එක් ලක්ෂ පනස් හයදහස් පන්සීයක මුදලක් පමණක් බව පැවසූ අතුකෝරළ මහතා මේ වර්ෂයේදී ණය පොලිය ගෙවීමට රුපියල් කෝටි දෙලක්ෂ දහනව දහස් තුන්සීයක් වැය කිරීමට සිදුවූ බවද ප්‍රකාශ කළේය.
එය පෙර වසරට සාපේක්ෂව සියයට හතළිහක වර්ධනයක් බවත් රජයේ ණය පොලිය ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට මේ වර්ෂයේදී වැයවූයේ තිස් දෙදහස් හැට එකක් බවත් මහාචාර්යවරයා කීවේය.
ලබන වර්ෂයේදී රජයේ මුළු අපේක්ෂිත ආදායමෙන් සියයට 65ක් ණය පොලී ගෙවීම සදහා වැය කිරීමට සිදුවන අතර එය රජයේ මුළු අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් බව පැවසු අතුකෝරල මහතා රජයේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය මත අධික ණය ගැනීම හේතුවෙන් විශාල පොලී පිරිවැයක් මෙලෙස දැරීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් පවුල්වල ආදායමවත් ඔච්චර නැහැ. පිනාට මතක නැතිව ෆිහින් ලංකාව කියන්නේ අඩු ආදායම්ලාභී අන්ත දුප්පත් රටක් කියලා...
මේ පේන කියන පොතේ ගුරාලා දන්නේ නෑ වැල්පාලමේ යන්න වින්ද දුක...!
ඩී.ඇස් මැතිතුමාට රටේ ආදායම් යොදාගෙන ගල් ඔය ව්‍යාපාරය කරන්න පුළුවන් වුණා නම් අනෙක් අයට බැරිවුනේ සහනාධාරය දීමට ප්‍රමුඛතාව දීම නිසා තමයි අපි නිදහස ගත්තේ දෙවැනි ලෝක යුද්ධය අවසන්වූ කාලයට ටික කලකට පස්සේ නිසා සමාජ වදකාරයෝ හිතුවේ හැමදාම කන්න බොන්න දීලා ඉන්න පමණයි. ඒ අතරේ විරුද්ධව සිටි අයගේ දේවල් පවරාගැනීම් කිරීමත් ඔවුන්ගේ අභිලාෂය වුණා.. ඇත්තටම 1956-59 අතර හා 1970-77 අතර කාලයේ ධනවතුන් මර්දනය කිරීමත් රට අගාධයකට වැටෙන්න හේතුවක් වුණා.
ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා රවට්ටලා බලයට ආපු කාලකන්නි බලලෝභී, දූෂිත දේශපාලුවෝ කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තියට දැන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ ජනතාවට...!!!
ණය ගත්තු කෙනාව මතකත් නෑ... ගත්තු ණයවලින් කරපු දේකුත් නෑ. ලොකු කතා නම් එමටයි.
බොහෝදෙනා කියන්නේ ලංකාවේ සිටින ආර්ථික මහාචාර්යවරුන්ගේ දේශනායි, කයියයි, මාධ්‍ය ප්‍රකාශනයි හැරුණු විට රටේ ආර්ථික දියුණුවට නම් මේ ලෝකෙ වැඩක් කරන්නේ නැහැ කියා...!
ගන්න ණය නිකමුන්ට කන්න දෙන්න දීලා ඒ පවුල් හිඟාකන මානසිකත්වයට ඇදදමා දේශපාලන බලය රැකගැනීමට භාවිතය නවත්තන්න ඕනෑ... අවුරුදු තිහක් සමෘද්ධි ප්‍රතිලාභ ගන්න පවුල් විසි දහසකට වඩා ඉන්නවාලු... මොන කරුමක්කාරයෝද?
ඔයා දන්නවද මෙහි බොරු 03ක් තියෙනවා... ඒවා බොරු, ගර්හාවට කරන බොරු සහ සංඛ්‍යාත්මක බොරු... මේවා හොඳ උදාහරණ ... ඒවා ඔප්පු කරන්න.