(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අර්ධ රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් දහයකට ආසන්න සංඛ්‍යාවක් සේවක අර්ථසාධක අරමුදලට දායකත්ව මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.
සේවක අර්ථසාධක අරමුදලට ප්‍රධාන වැවිලි සමාගම් තුනෙන් පමණක් රුපියල් කෝටි 50 කට වැඩි මුදලක් අයවීමට ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
මේ අනුව ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම අර්ධ රාජ්‍ය ආයතන සහ වැවිලි සමාගම්වල ප්‍රධානීන් කැඳවීමට ඒ කාරක සභාව තීරණය කළේය.
මේ අතර සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර ඇති ආයතන සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම කමිටුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා රැස්විය. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
සේවක අර්ථසාධක අරමුදල අයදුම්කරුවන්ට ප්‍රතිලාභ තැන්පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් ගැන කමිටුව අප්‍රසාදය පළ කළේය.
සේවක අර්ථසාධක අරමුදල ඇත්තේ ජනතාවගේ මුදල් බැවින් ඒ මුදල් කිසිදු කරදරයකින් තොරව ලබා ගැනීමට සුමට සහ කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා ෆයිසල් කාසීම්, මිලාන් ජයතිලක සමන්ප්‍රිය හෙරත්, වී රාධක්‍රිෂ්ණන්, වඩිවෙල් සුරේෂ්, එස් වේලුකුමාර්, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුද සහභාගීවූහ.
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ආයතන වැවිලි සමාගම් 10ක් අර්ථසාධකේට පොලු තියලා