IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රජ්‍ය ආයතන 52ක් කෝටි 42800ක ලාභ ලබලා

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ ආයතන 52ක්  2024 වසරේ ජනවාරි සිට ඔක්තෝබර්  දක්වා කාලයේදී රුපියල් කෝටි 42800ක ලාභයක් ලබා ඇතැයි මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

එසේම රජයේ ආයතන 2022 වසරේ ලබා ඇති සමස්ත පාඩුව  රුපියල් කෝටි 77400ක් බව එම කාරක සභාව සඳහන් කරයි.

පසුගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් දක්වා කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැලකිය යුතු පාඩුවක් ලබා ඇතැයිද එහිදී තොරතුරු අනාවරණයවිය.

එසේම දඹුල්ල ප්‍රදේශයේ 2019 වසරේ ඉදිරි කිරීම ආරම්භ කළ තවමත් විවෘත කිරීමට නොහැකි වූ එළවළු සහ පළතුරු කල්තබාගත හැකි ශීතාගාර සහිත කෘෂිකාර්මික ගබඩාව (Agriculture warehouse) පිළිබඳවද කාරක සභාවේදී   අවධානයට  යොමුවිය

සියලු වැඩ නිමකර ඇතත් ශීතකරණ මිලදී ගැනීමේ ප්‍රමාදයක් නිසා මෙම ව්‍යාපෘතිය පමාවී ඇති බව නිලධාරීහු පැවසූහ. ඉන්දියාවෙන් ලැබුණු  ප්‍රදානයකින්  ඉදිකර ඇති මෙම ස්ථානය ගොවීන්ගේ ප්‍රයෝජනයට ලබා නොදීම විශාල අපරාධයක් බැවින් ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස  කාරක සභා සභාපති අාචාර්්‍ය හර්ෂද සිල්වා මහතා  මෙහිදී  ඉල්ලීමක් කළේය.

තවද කොළඹ ජාතික කලාභවන වසර 5ක් මුළුල්ලේ වසා තැබීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.  රුපියල් කෝටි දොළහක වියදමින්  මෙහි ප්‍රතිසංස්කරණ අාරම්භ කර ඇති බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදයක් නිසා විවෘත කිරීම පමාවී ඇති බවත් සදහන් විය.  එම කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට  දෙන ලෙස  කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය. .

එසේම රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳවද කාරක සභාවේදී අවධානය යොමුවිය. ණය කළමනාකරණය සඳහා වෙනම පනතක් සම්මත කර  ඇති පසුබිමක එහි විධිවිධාන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සඳහා විශේෂඥ හැකියාවෙන් පිරිපුන් නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමේ අවශ්‍යතාවය  කාරක සභා සභාපතිවරයා  පෙන්වා දුන්නේය.

මේ රැස්වීමට   නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්   වන, රවි කරුණානායක, ආචාර්ය  කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්ලියාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, නීතීඥ  ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහුද  සහභාගි වූහ.



අදහස් (5)

රජ්‍ය ආයතන 52ක් කෝටි 42800ක ලාභ ලබලා

යෝගා Friday, 28 February 2025 05:38 PM

බැරිද දන්නේ නෑ. දින එහා මෙහා කරලා ලාභ ලැබුවේ මාලිමාව යටතේ කියන්න... මොවුන් අනුන්ගේ කලිසම් ඇඳගන්න. එච්චරටම දක්ෂයි.

:       36       35

ගුණරත්න Friday, 28 February 2025 06:10 PM

සීයා රට හදාගෙන ආවා, මෝඩ මිනිස්සුන්ට එක තේරුම් ගන්න මොළයක් තිබ්බේ නැහැ. දැන් මාලිමා මොට්ට රැළ ආපහු කොහොම හරි වලපල්ලට ගෙනියන්න තමයි සූදානම...

:       38       31

kusalSaturday, 01 March 2025 01:32 PM

ඒකනම් ඇත්ත සීයා හිටියා නම් දැන් රට සුරපුරයක්. කවුරුත් මත්වෙලා උපරිම සතුටින් ඉන්නවා. ඒ වගේම අර පැරදුන කට්ටිය සීයා හිටියා නම් රජවෙලා. ඔක්කොම රජවරු.

:       3       1

මැක්ස් Friday, 28 February 2025 06:30 PM

මාලිමා කචර්ලා මේක මේ ආණ්ඩුවේ වැඩක් විදිහට කරේ තියාගෙන යනවා...! ඕන් බලන්නකෝ..!

:       28       29

Aruna kalum Saturday, 01 March 2025 08:10 PM

මේවා කලින් ආණ්ඩු වල වැඩ මාලිමා ආණ්ඩු යටතේ සංවර්ධනය කරපු එකක් කියන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31333 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13542 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site