
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටින්නේ නම් ඔහුගේ දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.
ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පසුගිය දිනවලදී ඔහු සිටි ස්ථාන ගණනාවක් පරීක්ෂා කළත් අත්ඩංගුවට ගැනීමට නොහැකි විය.
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක්ද පසුගියදානිකුත් කෙරිණ.
මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදී දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළද රාජසන්තක කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අධිකරණයට බාර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම හංගිලා ඉඳලා ඔයාගේ රනිල්ව මේ වසර අවසානයේ කොහොමද ජනාධිපති කරන්නේ..? මේ වසරේ දෙදෙනෙක් ජනාධිපති වෙන්න ඉන්නේ... මේ වසරේ සැප්තැම්බරයේ සජිත් ජනාධිපති වෙනවාලු... මේ වසරේ අවසානයේ රනිල් ජනාධිපති වෙනවලු... නමුත් මෙහෙම හැංගි හැංගී කොහොමද ඒක කරන්නේ?
වැරැදි නොකළ බව ඔහු අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ ප්‍රකශ කර ඇත. එසේ නම් සැඟවී සිටින්නේ ඇයි? දේපලත් තහනම් වෙලා එළියට පැමිණි පසු සිරගත වෙන්නත් වේවි...!
තහනම් කරන්න මේ කිඹුලාගේ නමට මොකවත් තියෙන්න එපැයි.
Hafeel ලස්සන සුරංගනා කතාවක්. ඉක්මනට තව එකක් ලියලා දාන්නකෝ...!
අපි නම් පොඩිකාලේ තමයි හැංගි මුත්තු හැංගියෝ කලේ. පොඩි කාලේ කරපු නැති අය තමයි ලොකු කාලෙදී කරන්නේ... එයාලාත් ආස ඇතිනේ...
ඒ ගමන්ම අර පිස්සුවෙන් කෑගහන චතුරයාගේ දෙපලත් රාජසන්තක කරන්න බැරිද?....
කවුරුහරි හංගං ඉන්න එකා ඕකාව දේපල තහනම් කරනකම්ම එළියට දාන්න එපා...
නැව් ගිලපු මේ හාදයා තවම ජීවතුන් අතර සිටිනවාද, වැලිගම ගිහින්ද කියලා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. එහෙම කෙනෙකුට මෙලොව වස්තු ගැන ආසාවක් ඇති වෙන්න බෑනේ...! ඔන්න ඕවා ඔක්කෝම රජයට පවරා ගන්න. ඊට පස්සේ හොඳ පිදෙනි තටුවක් තියලා හැංගිලා ඉන්න භූතයාට පිං දෙන්න.
පොලිසියට හොයන්න යන වියදම් කාලය වෙනුවෙන් බිලක් දාලා ඒකත් ඔය පවුලෙන් අය කරගන්න. මිනිසුන්ගේ බදු මුදල් නොයොදා. බාර නොවී නීතිය (නීතිය හදන්න තැන හිටපු) නීතියට කොකා පෙන්නන අයට දඬුවම් දෙගුණ තෙගුණ කරන්න. අනිවාර්යයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඒ වියදමත් අයකර ගන්න...
එහෙට මෙහෙට පැන පැන සදහටම බලයේ ඉන්ඩ හදපු ආත්මාර්තකාමි අවස්ථාවාදී දේශපාලුවෙක් කිව්වේ නම් මහින්දයා ගේ දෑත් ශක්තිමත් කරන්න ගියාලු...
හැකර කට පාවිච්චි කරලා මෝඩයින්ව රවට්ටලා පාර්ලිමේන්තු ගිහින් මඩිය තරකර ගෙන නීතියෙන් වහන් වී සිටීමට උත්සාහ දරන මොහුගේ දේපොළ රාජසන්තක කළ යුතුයි. මොහුගේ පුතා නම් විකාර කාරයෙක් වගෙයි කතාවෙන් පේන්නේ... තාත්තාට දඬුවම් දෙන්න කලින් පුතාව පුනරුත්තාපනය කළයුතු හදිසි තත්වයකිනුයි ඔහු දැන් පසුවන්නේ...
දේපළ රජයට පවරා ගෙන පුතාව අත්අඩංගුවට ගන්න මොකද මිනිහා දන්නවා කිඹුලා ඉන්න තැන.
පුතා ඉන්නේ වලේ, තාත්තා ඉන්නේ ගුලේ...
මෙයා හැංගිලා ඉන්නේ අර කන්ටේනර් 368 න් එකක් අස්සේ.