
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනා මත උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් වත්මන් රාජාංගණය ප්‍රාදේශිය ලේකම්වරයා හා පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අද (27)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
පසුගිය 2022 වසරේදි එම ළමා නිවාසයේ සිටි 17 හැවිරිදි දැරියක් මෙහෙකාර සේවයේ යෙදවිමත් ඇයව කෘරත්වයට පත්කිරිම සම්බන්ධයෙන් මොවුන් චෝදනා ලබා තිබුණි.
මේ සම්බන්ධයෙන් මෙම දෙදෙනා අද (27)දින අනුරාධපුර මුලස්ථාන පොලිසියට කැදවා ප්‍රකාශ ලබා ගැනිමෙන් අනතුරුවට අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිපතිවරයා විසින් ලබාදි තිබු උපදෙස් පරිදි ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරැව අත්අඩංගුවට ගනු ලැබු මෙම දෙදෙනා අද (27)දින අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලන පළිගැනීම් නේද?
මොවුන් එවැනි වරදක් කර තිබුණා නම් දැඩි දඬුවම් ලබාදිය යුතුයි.
ළමා නිවාසවල සිදුවන අකටයුතු අක්‍රමිකතා අනන්තයි. කවුරුත් නොදැක්ක වගේ අහක බලාගෙන ඉන්නවා. දැන්වත් කට්ටියගේ ඇස් ඇරුනොත් හොඳයි නේද.