(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අලෙවි ආයතන සියල්ල එකම වහලක් යටතේ ස්ථාපිත කෙරෙන දැවැන්ත අලෙවි ප්‍රවර්ධන වෙළඳ සංකීර්ණය "රජ වාස" විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදුකෙරිණි. 

නැති දෙයක් නැති තැන - සැමදෙයක්ම ඇති තැන යන තේමාව යටතේ කොළඹ නාරාහෙන්පිට කිරිමණ්ඩල මාවතේ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ  මෙය පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, ශ්‍රී ලංකා කජු සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය ඔසු සල, රාජ්‍ය දැව සංස්ථාව , රාජ්‍ය වාණිජ  නීතිගත සංස්ථාව ,පොල් සංවර්ධන මණ්ඩලය ,තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන විශාල ප්‍රමාණයක අලෙවිසැල් වලින් මෙය සමන්විතය.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.