
(ඩයනා උදයංගනී)
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹීමට පැමිණෙන පිරිස් ඒවායේ ඇති පෞරාණික වස්තූන්ට මෙන්ම ගෘහ භාණ්ඩ ආදියට හානි කර තිබෙනු ද දක්නට ලැබිණි.
ජනාධිපති මන්දිරයේ ඇති දේපල රාශියක් මේ වන විටත් විනාශ වී ඇත.
මෙම ස්ථාන නරඹන අතරතුර එහි ඇති දේවලට හානි නොකරන ලෙස අරගලකරුවන් තැන් තැන්වල පුවරු පවා ප්‍රදර්ශනය කර තිබුණත් ඇතැම් පිරිස් ඒවා නොතකා කටයුතු කරමින් සිටිති.
ඓතිහාසික උරුමයන් ද සහිත මෙම ස්ථානවල ඇති දෑ විනාශ කිරීම නිසා අනාගත පරපුරට ඒවා දැක ගැනීමට ඇති අවස්ථාව අහිමි වන බවට ඇතැම් පිරිස් චෝදනා ද කළහ.
(ඡායාරූප: හිමත් මතීෂ)




(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයි අනේ අපි නම් කරේ නැහැ. ඒ ගොල්ලොම විනාශ කරගන්න ඇති කියලා. ඒක තමයි අලුත්ම උත්තරේ... ඒවා විශ්වාස කරලා ශෙයාර් කරන හරක් ටිකකුත් ඉන්නවනේ...
අලුත් ජනාධිපති කෙනෙක් පත්කර ගන්නකන් ත්‍රිවිධ හමුදාව ඔය සියල්ල අත්පත්කරගත යුතුයි. පෞරාණික වැදගත්කමක් ඇති දේ අරගලය කියා විනාශ නොකළ යුතුයි.
ලණු ටික ලිහලා හරක් රෑනම එළියට දැම්මාම ගොපල්ලෙකුත් නැතිව ඔවුන් සියල්ල විනාශ කරමින් තණ බුදිමින් විනෝද වෙති...!
අරගලය කලේ අමනයින් පිරිසකි. ඔවුන්ට යහතින් ජීවත්වන අය නුරුස්සයි. සෑමවිටම ඇති හැකි අය දෙස වෛරයෙන් බලයි. ලස්සන දේ දකින්නට බැරිය. ඒ සියල්ල වනසා දමයි.
Pool එක ලඟ ඉඳගෙන එක හාදයෙක් ඔලුවෙ සබන් ගාන photo එකකුත් මම දැක්කා.. මේ මොන විදියේ මානසිකත්වයක් ද.. එහෙව් ජනතාවකගේ දේශපාලන භාවිතාවත්, පාලකයින් තේරීමත්, ඡන්ද භාවිතයත්, එහෙව් උන් වෙසෙන රටක හෙටදවස ගැනත් කවර කථා ද? හිතාගෙන ඉන්නෙ රටට මෙහෙම වුණේ දේශපාලකයා නිසා ම කියලයි..
සියලුම දෙනාට පොදු දේපළ පනත යටතේ නඩුකීමට සූදානම් වීමට සිදුවනු ඇත. මේවා වහාම පාලනය කරන්න මේ දේශපාලකයන්ගේ දේපළ නොව මහජන දේපළයි. අනාගතයේදී මෙම ස්ථාන හෝටල් සඳහා යොදාගැනීම වඩාත් උචිතයි.
හානි කිරීම් සුදසු නැහැ අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට සුදුසු පියවරක් ගතයුතුයි .
මහ කාලකන්නි අසමඡ්ඡාති පිරිසක්. මේ ඡනපති මැඳුරෙ ඇති සියළු දේ ගෝඨාබය ඡනපතිට අයිතිදේ නොවේ. මහඡනතාවගෙ බදු මුදලින් ගත්ත වස්තූන්. ඊලගට එන ඡනාධිපති ඇවිත් පදිංචි වෙන්නෙත් මේ මන්දිරයේම තමයි. කැඩුන බිඳුන දේ වෙනුවට නැවත වටිනා භාණ්ඩ මිලට ගන්නව. ඒවාට පෞද්ගලික මුදල් වැය වෙන්නෑ. ඒවාට ගෙවන්නෙත් මේ දේපල විනාස කරන තමුන්ගේ බදු මුදලින්මයි. ඒ ගැන හයක් හතරක් නොදන්න මෝඩයින්ට තේරෙන්නෙ නැහැ. හරි වීර කමක් කලා වගේ හැසිරෙන්නෙ
"අනාගත පරපුර" කියන්නේ ඔය දැන් ඉන්න තරුණ වීරයින්ට බිහිවන්න ඉන්න අයනේ. ඒ අයට කොහොමටත් මේ රටේ දේවල්වල අගයක් නැහැ. ඒකනේ ඔය මෙහෙන් නොමිලේ ඉගෙනගෙන වෙන රටවල පදිංචියට යන්නේ... අන්තිමට මාලදිවයින මුහුදට යටවෙන දවසක ඒ මිනිස්සු තමයි ලංකාවේ ඉතිරි වෙන්නේ. හැබැයි උතුරයි, නැගෙනහිරයි නැතුව. ඒ දෙක තව ටික කාලෙකින් වෙනම රටක් වෙයි. මේවා තේරෙනකොට ප්‍රමාද වැඩියි...!
තලේබාන් සංවිධානයට හිනාවුණු අප කර ඇත්තේද එයමයි...
අරගල කරුවන් යනු රට විනාශ කර දමන්නෝය... ඔවුන් ළඟ රැකීමට වැඩපිළිවෙළක් නැත. ඉදිරියට රට පාලනය කරන්නට යන්නේ සරසවි ළමුන් විසිනි. රටකට ගිය කලක්... ඔවුන් නිසි පාඩම් අනාගතයේදී ඉගෙන ගනු ඇත. නමුත් ඒ වනවිට රට විනාශයට පත්වී හමාරය.
මිනිස්සු ගොඩාක් ගැවසුණාම ඔහොම සුළුසුළු දේවල් වෙනවා. ඕක අල්ලාගෙන පට්ට ගැහන්න ඕනේ නැහැ.. රාජපක්ෂලා මේ රටට කරලා තියන නාස්තිය සහ විනාශය ඔය වගේ කී ගුණයක්ද?
සාමකාමිව බලය අත්හැරියේ නම් මෙවැනි දෑ සිදු නොවනු ඇත. මීට වඩා රටට වී ඇති විනාශය අතිමහත්ය. අරගලය හෑල්ලුවට ලක්නොකරනු.
අරගලය පෙරාපු රත්තරන් වන අතර විනාශය ආරක්ෂක හමුදා කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවන් නිසා තොත්ත බබ්බුන් වන අරගලකරැවන්ට ඒ සදහා වග කිව නොහැක.
ඔතන ඉන්න හැමෝම එක වගේ විනයක් ඇති අය නොවේ... හොරුන්, රස්තියාදුකාරයින් කොහේ ගියත් මොකක් හරි උස්සගෙන එන්න බලාගෙන යන්නේ... ලැජ්ජයි...!
පොහොට්ටුවට ඡන්දේ දීපු අයමයි ඔවත් විනාශ කරන්නෙ. මොකදබහුතරයක්ම පොහොට්ටු සාමාජිකයින් බුද්ධිමට්ටමෙන් ඉතා පහලයි.
හමුදාව හා පොලීසිය වෙත පඩි හා බටා ගෙවලා තියෙන්නේ මේ වැනි කඩාකප්පල් වැඩ අල්ලා ගන්න තමයි. ඒත් පොලීසිය හමුදාව නිකං ඇවිදිමින් කාලය ගත කරනා හැටි පේනවා.ඇතුළේ ඉන්නා පොලීසිය වගේ වගක් නැතිව හිනාහ වෙමින් ඉන්නවා පෙනුනා.මේ නිලධාරීන් හරිහැටි පාලනය නොකරන ඉහළ අංශ තමයි මේ වැඩ වලට වගකිවයුතු වන්නේ.
හරි හමං ජාතකයක් නැති රස්තියාදුකාරයෝ ටිකක් කැම්පස් වලට රිංගල උන් තමා ඔක්කොම පාලනය කරන්නේ.රටේ ජනාධිපති නිකං ගෑනු පිරිමි දෙකටම නැහැනේ. දැන් කියාගෙන එයි අරගලේ සුජාත භාවය කෙළසන්න බොරු දාල කියල.
අපේ රටේ මිනිස්සුන්ගෙ හැටි මේකෙන්ම පේනවා.අරගලේ මේ දේවල් ලස්සනට ආරක්ෂා කරානම් රට වෙනස් වෙලා කියලා හිතන්න තිබුනා.අපේ රට කවදාවත් ගොඩ ගන්නබෑ,මේහේම මානසිකත්වය තියෙන මිනිස්සු එක්ක,මේ ජනාධිපති මන්දිරය මිසක් ගෝටගේ පෞද්ගලික නිවස නෙමෙයි.
රජ මැදුරු කොයින්ද යකෝ මේ කාලේ
ජනාධිපති මන්දිර: තියෙන එකේ තේරුම මොකක්ද?
රාජපක්සල හොරාකාපු දනය, ඔය පාඩුව වගේ සිය ගුනයකට වඩා වැඩියිනෙ
ඕක තමයි අරගලය. දෑන් ගෙදරකට පැනලා ගිනි තිබ්බත් ඒකත් අරගලය. කැරැල්ලක් නැති නායකයෝ සිටීමේ විපාක. දැන් ඉදිරියට මාසයක් ගානේ නායකයො වෙනස් කරමු අරගලය කර කර. ජය වේවා
ගොට්ට අල්ලන අය වැඩිවෙලා වගේ... මී හරක් රෑන බැඳපියව්...
අරගලයක අවසානයේ වෙන්නේ ඒ රටේ අවසානයයි. මොන රටද අරගල කරලා රජය පෙරලා දියුණු උනේ. ඕනේ තරම් උදාහරණ තියෙනවා ලෝකේ.
ගෝටබය, මහින්ද, බැසිල්, නාමල් ප්‍රධානවූ සියළුම දේශපාලක හොරු රැල මෙතෙක් කල් හොරකම් කරලා රට බංකොලොත් කිරීමේ එක ප්‍රතිපලයක් තමයි රට අරාජික වීම. ජනපති මැදුර මහජන විවේක ස්ථානයක් වීම එම පිරිහීමෙ එක කොටසක් විතරයි. තර්ජන යෙන්, මර්දනයෙන්, මිනීමැරීමෙන් මහජනතා ව බය කරගෙන හැමදාමත් - සදාකල්ම රජ කරන්න බැහැ නේ. Dayananda Imbulaani ( Nanda Imbulagoda)
ඕවත් ඉතුරුයි නම්බුවත් ඉතුරුයි. මීට කලින් ඉල්ලා අස් උනා නම්. අලාභ හානියට කමෙන්ට් කරන උන්නැහෙලා මේගොල්ලො හොරකම් කරද්දි නැට්ට කොහේ ගහ්න්ද දන්නේ නෑ හිටියෙ
මෙවැනි දේවල් සිදු විය හැකියි. මේකට අරගලයට දොස් කියන්න එපා. මෙතනට එන සියලුම දෙනා අරගල කරුවන් නොවෙයි.
රටට වුණු විනාශයට මේවා මොන විනාශද? අනෙක සාමන්‍ය මිනිස්සුන්ට ඕවා බලන්න යන්න පුළුවන්ද? හිටපු ජනපති මේවා හදලා ගත්තාට මළ පොහොට්ටුව ගෙනාපු අයට හොඳ වැඩේ...
රාජපක්ෂලා රට විනාශ කළා. ඒක තමයි ඇත්ත. ඒත් ඒකට විසඳුම මේ කැම්පස්වල ඉන්න නවකවද කාරයින් නම් නෙවෙයි. මම මේක අද කිව්වා කියලා කොහේහරි ලියලා තියාගන්න. මම ඔවුන් හොඳින් හඳුනමි. ඔවුන් කිසි කෙනෙකුට යමක් කරන්නට නොදෙන මන්ද මානසිකත්වයෙන් පෙළෙන්නවුන් කොටසක් ලංකාවේ තවතවත් පහළට යන එකයි වෙන්නේ...
මහජන දෙපල රටේ ජනතාවගෙ සමිපත් අරගල මුවාවෙන් දෙපල විනාශ කිරීම යුක්ති සහගතද,? අරගලකරුවන් කරන්නෙ ද එයයි
මෙ අජිවි වස්තු වලට හුල්ලන මිනිස්සුනි.. තෙල් පොලිම් වල මිය ගිය මිනිස්සුන් ගැන මෙහෙම දුකක් ආවද හිතට? දරුවන් ගගට විසි කර ගගේ පැන්න අම්මල ගැන ඔබෙ අදහස මොකද්ද? එවට රුදාවක් නතිනම් මෙ අජිවි සදාකලික නොවන බඩු භාන්ඩ වලට විස්සෝප වෙන්නෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකට ද?
සජිත් මහත්තයා ආපු විගස ආර්යාවට සිටිමට හැකි මන්දිරයක් ලෙස අපි ඕක හදලා දෙනවා.
සිසු පරපුර වෙත වරද පැටවිමට අන්ඩුවෙ කන්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහරයක් ජනතාව ඉවත් කර සිසුන්ගෙ සහ පොලිසියේ පාලනයට ගැනිමට කටයුතු කල යුතුි
ගුවන් මගීන් , බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ .
පෙරටුගාමී, JVP වැනි තලිබාන්වරු එහෙම නැත්නම් කම්පුචියාවේ පොල්පොට් මානසිකත්වය තමයි දැන් ඉදිරියට ඇවිත් ඇත්තේ. මොවුන්ගේ ඇත්තේ වෛරය පමණයි.
මට ඔය අරගලය තිත්ත වුනා. ඕකට දිගටම ගියා නිර්පාක්ෂික කිව්වට ජෙපි පෙරෙටුගාමී අන්තරේ මෙලෝ දැක්මක් නැති අවජාතක සෙට් එකක් ඒකෙ හිටියෙ. ය්මම්යමක් කමක් තියෙන සමාජය එක්කම පුදුමාකාර වෛරයක් තියෙන පිරිසක්. උං එක්ක මොන ආණ්ඩුද. තිබ්බට වඩා හෙනගැහෙනව රටට
හොරුන්ට ඡන්දෙ දෙන්නෙත් හොරුම තමා. ලංකාවෙ ජනතාව ඔක්කොම හොරු. ලංකාවම හොර පුරයක්. සුද්දො ණය දෙනකම් ශේප් වුනා.
ඒකත් STF එකේ ගිණුමට දාලා ගොඩ පලයල්ලා... මේ අය හිතන් ඉන්නේ ඔතැන තියෙන්නේ ගෝඨාභයගේ දේවල් කියලා... මෝඩ ජනතාව...
මෙම විනාශයට ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතුයි. අරගලකරුවන් මෙවන් විනාශයක් කවදාවත් කරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ කවුරුහරි, ජනාධිපති හරි, අගමැති හරි වෙනවා නම් මුළු රටම විනාශයකට ගමන් කරනවා නියතයි.
කාලකන්නි රාජපස්සල රටම විනාසයෙන් විනාසයට පත් කරල තියෙද්දි මේව මොනවඩ.
මෙව්ව පෙන්නල රනිල්ට තවත් ැකොස් කෙනෙක් වෙන්න ඉඩ හරින්න කියලද කියන්නෙ?
ජෙප්පන් රජ ගෙදරට ඔපමණ හානි කලානම් ඊර්ශාවේ තරම බලා ගන්න පුළුවන්. මොවුනට රටේ බලය ගියොත් දේපලක් තිබෙන ජනතාවට් කුමකින් කුමක් සිදුවේවිද? චන්දය පාවිච්චි කීරීමේදී මේ සිදුවීම් ගැන සිතන්න.