IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


රජ මැඳුර වනසති

(ඩයනා උදයංගනී)

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹීමට පැමිණෙන පිරිස් ඒවායේ ඇති පෞරාණික වස්තූන්ට මෙන්ම ගෘහ භාණ්ඩ ආදියට හානි කර තිබෙනු ද දක්නට ලැබිණි.

ජනාධිපති මන්දිරයේ ඇති දේපල රාශියක් මේ වන විටත් විනාශ වී ඇත.

මෙම ස්ථාන නරඹන අතරතුර එහි ඇති දේවලට හානි නොකරන ලෙස අරගලකරුවන් තැන් තැන්වල පුවරු පවා ප්‍රදර්ශනය කර තිබුණත් ඇතැම් පිරිස් ඒවා නොතකා කටයුතු කරමින් සිටිති.

ඓතිහාසික උරුමයන් ද සහිත මෙම ස්ථානවල ඇති දෑ විනාශ කිරීම නිසා අනාගත පරපුරට ඒවා දැක ගැනීමට ඇති අවස්ථාව අහිමි වන බවට ඇතැම් පිරිස් චෝදනා ද කළහ.  

(ඡායාරූප: හිමත් මතීෂ)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (58)

රජ මැඳුර වනසති

Mervin Monday, 11 July 2022 04:00 PM

දැන් කියයි අනේ අපි නම් කරේ නැහැ. ඒ ගොල්ලොම විනාශ කරගන්න ඇති කියලා. ඒක තමයි අලුත්ම උත්තරේ... ඒවා විශ්වාස කරලා ශෙයාර් කරන හරක් ටිකකුත් ඉන්නවනේ...

:       32       206

ganegoda Monday, 11 July 2022 05:06 PM

යන්න කිව්වාම ගියේ නැති හින්දා තමයි ගෙවල්වලට කඩාවැදිලා එළවන්න සිද්ද වුණේ... ! ඇයි අවුල්ද?

:       0       0

මොට්ටපාල Monday, 11 July 2022 05:41 PM

ක්ෂණිකව ජනාධිපති මන්දිරයට ඇතුල්වීමට ඉඩ නොදෙන්න අරගල කණ්ඩායම් කටයුතු කරනවා නම් හොඳයි.. මෙහෙම විනාශ කරන මන්ද මානසික පිරිස් තමයි 2019 දී ලක්ෂ හැටනවයක් ලෙසට ගෝඨාභය දිනෙව්වේ..

:       69       122

උපාලිMonday, 11 July 2022 07:18 PM

මොට්ටපාල ඔයාගේ නම සමස්ත ජෙප්පන්ටයි, පෙරෙට්ටන්ටයි ගැලපෙනවා. ඔයාලා තමයි මන්ද මානසික..

:       0       0

ajithMonday, 11 July 2022 06:06 PM

පෙරටුගාමී, අන්තරේ නායකයන්, ඒ සඳහා සහයෝගය දුන් පිරිස් මහජන දේපල විනාශ කිරීමට වගකිව යුතුවේ...! 

:       39       156

sisilMonday, 11 July 2022 11:05 PM

උණ්ඩයෙන්, විපලවතුලින්, මැර දේශපාලනයෙන් සහ විස්වාවිද්යල සිසුන්හට වදහිංසා කරමින් නවකවදය කරනා පෙරටුගමින් අරගලකළ අවසන්යේ මහජන දේපල විනාශ කර ඇත මේවට වග කිවයුතු වන්නේ කවුද

:       3       38

p hottuva Tuesday, 12 July 2022 09:52 AM

මහජන මුදල් කොල්ල කෑම අමතක වි ඇත ඇදිවස්තරෙ සොරගත්තත් පොහොට්ටු මනස වෙනස් නොවෙ.

:       0       0

Surain Monday, 11 July 2022 04:37 PM

අලුත් ජනාධිපති කෙනෙක් පත්කර ගන්නකන් ත්‍රිවිධ හමුදාව ඔය සියල්ල අත්පත්කරගත යුතුයි. පෞරාණික වැදගත්කමක් ඇති දේ අරගලය කියා විනාශ නොකළ යුතුයි.

:       0       0

කිරි පුතා Monday, 11 July 2022 04:45 PM

ලණු ටික ලිහලා හරක් රෑනම එළියට දැම්මාම ගොපල්ලෙකුත් නැතිව ඔවුන් සියල්ල විනාශ කරමින් තණ බුදිමින් විනෝද වෙති...!

:       21       189

පියසේන Monday, 11 July 2022 04:51 PM

අරගලය කලේ අමනයින් පිරිසකි. ඔවුන්ට යහතින් ජීවත්වන අය නුරුස්සයි. සෑමවිටම ඇති හැකි අය දෙස වෛරයෙන් බලයි. ලස්සන දේ දකින්නට බැරිය. ඒ සියල්ල වනසා දමයි.

:       54       191

hesaMonday, 11 July 2022 06:23 PM

වසර ගානක සිටම, ඒ ඇති හැකි අය දෙස වෛරයෙන් බලන, ඇති කෙනාට ඊර්ෂ්‍යා කරන, කුහක දේශපාලන ප්‍රතිපත්තිය ඇත්තේ කාටද? එවැන්නවුන්ට පැවැත්මක් තිබුණාද? දියුණුවක් පෙනුණාද?

:       20       107

hesaMonday, 11 July 2022 06:25 PM

ඔව්, වසර ගාණක සිටම, ඒ ඇති හැකි අය දෙස වෛරයෙන් බලන, ඇති කෙනාට ඊර්ෂ්‍යා කරන කුහක දේශපාලන ප්‍රතිපත්තිය ඇත්තේ කාටද? එවැන්නවුන්ට පැවැත්මක් තිබුණාද? දියුණුවක් පෙනුණාද?

:       13       59

මරිසිපාලMonday, 11 July 2022 08:37 PM

ඔබතුමා කියනදේ හරි එම තත්වය මුලින්ම ඇතිකලේ 1956 පත්වූ ආණ්ඩුව බව පේනවා ඒ කාලය වනවිට රජයේ දේපොලට වඩා පුද්ගලික දේපොළ තිබුනා ඒවායින් රජයට විශාල වශයෙන් ආදායම් බදු ලැබුනා ඒ කාලයේ ගල් ඔය වගේ ව්‍යාපෘති කලේ රටේ ආදායම් යොදාගෙන .එහෙම තිබුනු රට අන්සතු සැපතක් දැක දල ලොබිනේ උන්ට නොවී මට වේවයි සිතිනේ...... සිතූ පුද්ගලයින් පුද්ගලික දේපොළ රජයට පවරාගෙන හිතවතුන්ට පාලනය දීලා විනාශ කලා ඒවායේ විපාක දැන් අපි විදිනවා

:       4       20

AnuraMonday, 11 July 2022 09:25 PM

පිටරට වල සිට සැප පහසු ජිවිත ගතකරනගමන් රාජපක්ෂලාට ආවඩන කුහකයන්ට නොත්රුනත් ලංකාව දැන් අදි උත්දමන්යට ලක්වූ බන්කොලොත් රටකි , 9 වෙනිදා සිදුවුයේ එම පීඩනය දරාගන්න බැරිවූ තැන සිදුවූ මහජන අරගලයකි

:       32       11

janahitha UAETuesday, 12 July 2022 09:58 AM

රටෙ දනය කොල්ල කෑවෙ රට නැති කලෙ තන්හාව පෙරදැරිකරගත් පවුලක් විසින් නොවෙ. ඔවුන් සිල්වත් අය අරගලය කලේ අමනයින් පිරිසකි.

:       0       0

P hottuTuesday, 12 July 2022 10:03 AM

මන්දමානසික නොපිරුනු මනස්

:       0       0

නිම්සර Monday, 11 July 2022 05:01 PM

Pool එක ලඟ ඉඳගෙන එක හාදයෙක් ඔලුවෙ සබන් ගාන photo එකකුත් මම දැක්කා.. මේ මොන විදියේ මානසිකත්වයක් ද.. එහෙව් ජනතාවකගේ දේශපාලන භාවිතාවත්, පාලකයින් තේරීමත්, ඡන්ද භාවිතයත්, එහෙව් උන් වෙසෙන රටක හෙටදවස ගැනත් කවර කථා ද? හිතාගෙන ඉන්නෙ රටට මෙහෙම වුණේ දේශපාලකයා නිසා ම කියලයි..

:       4       59

sampath Monday, 11 July 2022 05:07 PM

සියලුම දෙනාට පොදු දේපළ පනත යටතේ නඩුකීමට සූදානම් වීමට සිදුවනු ඇත. මේවා වහාම පාලනය කරන්න මේ දේශපාලකයන්ගේ දේපළ නොව මහජන දේපළයි. අනාගතයේදී මෙම ස්ථාන හෝටල් සඳහා යොදාගැනීම වඩාත් උචිතයි.

:       0       0

පිටරැටියා Monday, 11 July 2022 05:20 PM

හානි කිරීම් සුදසු නැහැ අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට සුදුසු පියවරක් ගතයුතුයි .

:       0       28

hesa Monday, 11 July 2022 05:29 PM

මහ කාලකන්නි අසමඡ්ඡාති පිරිසක්. මේ ඡනපති මැඳුරෙ ඇති සියළු දේ ගෝඨාබය ඡනපතිට අයිතිදේ නොවේ. මහඡනතාවගෙ බදු මුදලින් ගත්ත වස්තූන්. ඊලගට එන ඡනාධිපති ඇවිත් පදිංචි වෙන්නෙත් මේ මන්දිරයේම තමයි. කැඩුන බිඳුන දේ වෙනුවට නැවත වටිනා භාණ්ඩ මිලට ගන්නව. ඒවාට පෞද්ගලික මුදල් වැය වෙන්නෑ. ඒවාට ගෙවන්නෙත් මේ දේපල විනාස කරන තමුන්ගේ බදු මුදලින්මයි. ඒ ගැන හයක් හතරක් නොදන්න මෝඩයින්ට තේරෙන්නෙ නැහැ. හරි වීර කමක් කලා වගේ හැසිරෙන්නෙ

:       3       54

BT Monday, 11 July 2022 05:41 PM

"අනාගත පරපුර" කියන්නේ ඔය දැන් ඉන්න තරුණ වීරයින්ට බිහිවන්න ඉන්න අයනේ. ඒ අයට කොහොමටත් මේ රටේ දේවල්වල අගයක් නැහැ. ඒකනේ ඔය මෙහෙන් නොමිලේ ඉගෙනගෙන වෙන රටවල පදිංචියට යන්නේ... අන්තිමට මාලදිවයින මුහුදට යටවෙන දවසක ඒ මිනිස්සු තමයි ලංකාවේ ඉතිරි වෙන්නේ. හැබැයි උතුරයි, නැගෙනහිරයි නැතුව. ඒ දෙක තව ටික කාලෙකින් වෙනම රටක් වෙයි. මේවා තේරෙනකොට ප්‍රමාද වැඩියි...!

:       22       134

naleen Monday, 11 July 2022 05:41 PM

තලේබාන් සංවිධානයට හිනාවුණු අප කර ඇත්තේද එයමයි...

:       10       155

Lasan Monday, 11 July 2022 05:43 PM

අරගල කරුවන් යනු රට විනාශ කර දමන්නෝය... ඔවුන් ළඟ රැකීමට වැඩපිළිවෙළක් නැත. ඉදිරියට රට පාලනය කරන්නට යන්නේ සරසවි ළමුන් විසිනි. රටකට ගිය කලක්... ඔවුන් නිසි පාඩම් අනාගතයේදී ඉගෙන ගනු ඇත. නමුත් ඒ වනවිට රට විනාශයට පත්වී හමාරය.

:       32       147

janahitha UAETuesday, 12 July 2022 10:02 AM

අරගල කරුවන් යනු රට විනාශ කර දමන්නෝය... ඔවුන් ළඟ රැකීමට වැඩපිළිවෙළක් නැත.

:       0       0

Anura Monday, 11 July 2022 05:47 PM

මිනිස්සු ගොඩාක් ගැවසුණාම ඔහොම සුළුසුළු දේවල් වෙනවා. ඕක අල්ලාගෙන පට්ට ගැහන්න ඕනේ නැහැ.. රාජපක්ෂලා මේ රටට කරලා තියන නාස්තිය සහ විනාශය ඔය වගේ කී ගුණයක්ද?

:       169       70

nimalMonday, 11 July 2022 06:04 PM

අනුර රජපක්ෂලා කළ වැරැදිත්, අරගලකරුවන් කළ වැරැදිත් අනුමත කරනවාද?

:       14       85

සෙනෙවිරත්න Monday, 11 July 2022 05:51 PM

සාමකාමිව බලය අත්හැරියේ නම් මෙවැනි දෑ සිදු නොවනු ඇත. මීට වඩා රටට වී ඇති විනාශය අතිමහත්ය. අරගලය හෑල්ලුවට ලක්නොකරනු.

:       45       12

සිරිසිංහ Monday, 11 July 2022 05:57 PM

අරගලය පෙරාපු රත්තරන් වන අතර විනාශය ආරක්ෂක හමුදා කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවන් නිසා තොත්ත බබ්බුන් වන අරගලකරැවන්ට ඒ සදහා වග කිව නොහැක.

:       13       25

Kumara Monday, 11 July 2022 05:58 PM

ඔතන ඉන්න හැමෝම එක වගේ විනයක් ඇති අය නොවේ... හොරුන්, රස්තියාදුකාරයින් කොහේ ගියත් මොකක් හරි උස්සගෙන එන්න බලාගෙන යන්නේ... ලැජ්ජයි...!

:       5       121

Gunaraja Monday, 11 July 2022 07:49 PM

පොහොට්ටුවට ඡන්දේ දීපු අයමයි ඔවත් විනාශ කරන්නෙ. මොකදබහුතරයක්ම පොහොට්ටු සාමාජිකයින් බුද්ධිමට්ටමෙන් ඉතා පහලයි.

:       33       16

චිරන්ත Tuesday, 12 July 2022 04:23 PM

මේ අදහස හරි මොකද ගෝඨාභය ආවෙම අධ්‍යාපනයක් නැති ලක්ෂෙකට රැරැකියා දෙනවා කියලනේ.එහෙම වෙන්නෙ පොහොට්ටු එවුන් අතරේ උගතුන් සිටියානම් නූගතුන් ලක්ෂයකට රැකියා දෙන්නෙ නැහැ ඊළඟට පොහොර නැතුව වවන්න කිව්වෙ කිරි නොදී දරුවො හදන්න කියනවා වගේ.මොළය ගෑවිලාවත් තිබුනා නම් රටට මෙහෙම කෙලවෙන්නෙ නැහැ

:       10       2

සමිත සේනක අලුත්ගමගේ. Monday, 11 July 2022 07:58 PM

හමුදාව හා පොලීසිය වෙත පඩි හා බටා ගෙවලා තියෙන්නේ මේ වැනි කඩාකප්පල් වැඩ අල්ලා ගන්න තමයි. ඒත් පොලීසිය හමුදාව නිකං ඇවිදිමින් කාලය ගත කරනා හැටි පේනවා.ඇතුළේ ඉන්නා පොලීසිය වගේ වගක් නැතිව හිනාහ වෙමින් ඉන්නවා පෙනුනා.මේ නිලධාරීන් හරිහැටි පාලනය නොකරන ඉහළ අංශ තමයි මේ වැඩ වලට වගකිවයුතු වන්නේ.

:       16       12

darmen Monday, 11 July 2022 08:05 PM

හරි හමං ජාතකයක් නැති රස්තියාදුකාරයෝ ටිකක් කැම්පස් වලට රිංගල උන් තමා ඔක්කොම පාලනය කරන්නේ.රටේ ජනාධිපති නිකං ගෑනු පිරිමි දෙකටම නැහැනේ. දැන් කියාගෙන එයි අරගලේ සුජාත භාවය කෙළසන්න බොරු දාල කියල.

:       1       29

තරංගා ලක්මාලී Monday, 11 July 2022 08:14 PM

අපේ රටේ මිනිස්සුන්ගෙ හැටි මේකෙන්ම පේනවා.අරගලේ මේ දේවල් ලස්සනට ආරක්ෂා කරානම් රට වෙනස් වෙලා කියලා හිතන්න තිබුනා.අපේ රට කවදාවත් ගොඩ ගන්නබෑ,මේහේම මානසිකත්වය තියෙන මිනිස්සු එක්ක,මේ ජනාධිපති මන්දිරය මිසක් ගෝටගේ පෞද්ගලික නිවස නෙමෙයි.

:       0       30

Prabath Monday, 11 July 2022 08:31 PM

රජ මැදුරු කොයින්ද යකෝ මේ කාලේ

:       14       5

Harsha Monday, 11 July 2022 08:48 PM

ජනාධිපති මන්දිර: තියෙන එකේ තේරුම මොකක්ද?

:       0       0

Appuhami Monday, 11 July 2022 08:54 PM

රාජපක්සල හොරාකාපු දනය, ඔය පාඩුව වගේ සිය ගුනයකට වඩා වැඩියිනෙ

:       0       0

Rasika Monday, 11 July 2022 09:12 PM

ඕක තමයි අරගලය. දෑන් ගෙදරකට පැනලා ගිනි තිබ්බත් ඒකත් අරගලය. කැරැල්ලක් නැති නායකයෝ සිටීමේ විපාක. දැන් ඉදිරියට මාසයක් ගානේ නායකයො වෙනස් කරමු අරගලය කර කර. ජය වේවා

:       1       29

Kotagune Monday, 11 July 2022 10:05 PM

ගොට්ට අල්ලන අය වැඩිවෙලා වගේ... මී හරක් රෑන බැඳපියව්...

:       0       0

ගැමියෙක් Monday, 11 July 2022 10:23 PM

අරගලයක අවසානයේ වෙන්නේ ඒ රටේ අවසානයයි. මොන රටද අරගල කරලා රජය පෙරලා දියුණු උනේ. ඕනේ තරම් උදාහරණ තියෙනවා ලෝකේ.

:       3       32

Dayananda Imbulaani ( Nanda Imbulagoda) Monday, 11 July 2022 10:47 PM

ගෝටබය, මහින්ද, බැසිල්, නාමල් ප්‍රධානවූ සියළුම දේශපාලක හොරු රැල මෙතෙක් කල් හොරකම් කරලා රට බංකොලොත් කිරීමේ එක ප්‍රතිපලයක් තමයි රට අරාජික වීම. ජනපති මැදුර මහජන විවේක ස්ථානයක් වීම එම පිරිහීමෙ එක කොටසක් විතරයි. තර්ජන යෙන්, මර්දනයෙන්, මිනීමැරීමෙන් මහජනතා ව බය කරගෙන හැමදාමත් - සදාකල්ම රජ කරන්න බැහැ නේ. Dayananda Imbulaani ( Nanda Imbulagoda)

:       27       4

Prasheen Tuesday, 12 July 2022 04:36 AM

ඕවත් ඉතුරුයි නම්බුවත් ඉතුරුයි. මීට කලින් ඉල්ලා අස් උනා නම්. අලාභ හානියට කමෙන්ට් කරන උන්නැහෙලා මේගොල්ලො හොරකම් කරද්දි නැට්ට කොහේ ගහ්න්ද දන්නේ නෑ හිටියෙ

:       30       4

ලුම්බිණි Tuesday, 12 July 2022 04:45 AM

මෙවැනි දේවල් සිදු විය හැකියි. මේකට අරගලයට දොස් කියන්න එපා. මෙතනට එන සියලුම දෙනා අරගල කරුවන් නොවෙයි.

:       34       5

ajith p Tuesday, 12 July 2022 07:06 AM

රටට වුණු විනාශයට මේවා මොන විනාශද? අනෙක සාමන්‍ය මිනිස්සුන්ට ඕවා බලන්න යන්න පුළුවන්ද? හිටපු ජනපති මේවා හදලා ගත්තාට මළ පොහොට්ටුව ගෙනාපු අයට හොඳ වැඩේ...

:       0       0

Bandara Tuesday, 12 July 2022 07:12 AM

රාජපක්ෂලා රට විනාශ කළා. ඒක තමයි ඇත්ත. ඒත් ඒකට විසඳුම මේ කැම්පස්වල ඉන්න නවකවද කාරයින් නම් නෙවෙයි. මම මේක අද කිව්වා කියලා කොහේහරි ලියලා තියාගන්න. මම ඔවුන් හොඳින් හඳුනමි. ඔවුන් කිසි කෙනෙකුට යමක් කරන්නට නොදෙන මන්ද මානසිකත්වයෙන් පෙළෙන්නවුන් කොටසක් ලංකාවේ තවතවත් පහළට යන එකයි වෙන්නේ...

:       0       0

සරත් Tuesday, 12 July 2022 07:35 AM

මහජන දෙපල රටේ ජනතාවගෙ සමිපත් අරගල මුවාවෙන් දෙපල විනාශ කිරීම යුක්ති සහගතද,? අරගලකරුවන් කරන්නෙ ද එයයි

:       5       24

sharm warn Tuesday, 12 July 2022 08:53 AM

මෙ අජිවි වස්තු වලට හුල්ලන මිනිස්සුනි.. තෙල් පොලිම් වල මිය ගිය මිනිස්සුන් ගැන මෙහෙම දුකක් ආවද හිතට? දරුවන් ගගට විසි කර ගගේ පැන්න අම්මල ගැන ඔබෙ අදහස මොකද්ද? එවට රුදාවක් නතිනම් මෙ අජිවි සදාකලික නොවන බඩු භාන්ඩ වලට විස්සෝප වෙන්නෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකට ද?

:       13       2

මොහොමඩ් Tuesday, 12 July 2022 09:21 AM

සජිත් මහත්තයා ආපු විගස ආර්යාවට සිටිමට හැකි මන්දිරයක් ලෙස අපි ඕක හදලා දෙනවා.

:       3       16

janahitha Tuesday, 12 July 2022 09:54 AM

සිසු පරපුර වෙත වරද පැටවිමට අන්ඩුවෙ කන්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහරයක් ජනතාව ඉවත් කර සිසුන්ගෙ සහ පොලිසියේ පාලනයට ගැනිමට කටයුතු කල යුතුි

:       0       0

janabala asamagi Tuesday, 12 July 2022 10:06 AM

ගුවන් මගීන් , බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ .

:       7       1

සත්‍යය Tuesday, 12 July 2022 10:07 AM

පෙරටුගාමී, JVP වැනි තලිබාන්වරු එහෙම නැත්නම් කම්පුචියාවේ පොල්පොට් මානසිකත්වය තමයි දැන් ඉදිරියට ඇවිත් ඇත්තේ. මොවුන්ගේ ඇත්තේ වෛරය පමණයි.

:       2       19

mahel Tuesday, 12 July 2022 10:45 AM

මට ඔය අරගලය තිත්ත වුනා. ඕකට දිගටම ගියා නිර්පාක්ෂික කිව්වට ජෙපි පෙරෙටුගාමී අන්තරේ මෙලෝ දැක්මක් නැති අවජාතක සෙට් එකක් ඒකෙ හිටියෙ. ය්මම්යමක් කමක් තියෙන සමාජය එක්කම පුදුමාකාර වෛරයක් තියෙන පිරිසක්. උං එක්ක මොන ආණ්ඩුද. තිබ්බට වඩා හෙනගැහෙනව රටට

:       2       22

Kamal Tuesday, 12 July 2022 11:45 AM

හොරුන්ට ඡන්දෙ දෙන්නෙත් හොරුම තමා. ලංකාවෙ ජනතාව ඔක්කොම හොරු. ලංකාවම හොර පුරයක්. සුද්දො ණය දෙනකම් ශේප් වුනා.

:       5       7

Bird Eye Tuesday, 12 July 2022 12:47 PM

ඒකත් STF එකේ ගිණුමට දාලා ගොඩ පලයල්ලා... මේ අය හිතන් ඉන්නේ ඔතැන තියෙන්නේ ගෝඨාභයගේ දේවල් කියලා... මෝඩ ජනතාව...

:       0       0

Chandra Tuesday, 12 July 2022 01:49 PM

මෙම විනාශයට ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතුයි. අරගලකරුවන් මෙවන් විනාශයක් කවදාවත් කරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ කවුරුහරි, ජනාධිපති හරි, අගමැති හරි වෙනවා නම් මුළු රටම විනාශයකට ගමන් කරනවා නියතයි.

:       0       0

Kumara Tuesday, 12 July 2022 03:58 PM

කාලකන්නි රාජපස්සල රටම විනාසයෙන් විනාසයට පත් කරල තියෙද්දි මේව මොනවඩ.

:       15       3

chandima Wednesday, 13 July 2022 12:37 AM

මෙව්ව පෙන්නල රනිල්ට තවත් ැකොස් කෙනෙක් වෙන්න ඉඩ හරින්න කියලද කියන්නෙ?

:       0       0

Bamunuarachchi Wednesday, 13 July 2022 08:05 AM

ජෙප්පන් රජ ගෙදරට ඔපමණ හානි කලානම් ඊර්ශාවේ තරම බලා ගන්න පුළුවන්. මොවුනට රටේ බලය ගියොත් දේපලක් තිබෙන ජනතාවට් කුමකින් කුමක් සිදුවේවිද? චන්දය පාවිච්චි කීරීමේදී මේ සිදුවීම් ගැන සිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 376 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 499 4

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 153 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 876 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2392 11

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 370 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2004 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site