
(ඩයනා උදයංගනී සහ නිපුන් ගරුක)
දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ, තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගැනීමේ වගා සංග්‍රාමයක් ‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණ’ මගින් ආරම්භ කර ඇත.
ආහාර අර්බුදයක් මතුවිය හැකි බව කල් තබාම අවබෝධ කරගත් ‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණේ සභාපති කායවර්ධන සහ යෝගා උපදේශක සංජය දිසානායක ඇතුළු පිරිස අනුරාධපුර පලුගොල්ලෑව වැව ආසන්නයේ ඇති කුඹුරු කොටසක් ද ඇතුළු අක්කර හය හමාරක පමණ ඉඩමක් මිලට ගෙන එම සැලසුම ක්‍රියාත්මක කළහ.
ආහාර, ඖෂධ ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීම දිනෙන් දින අභියෝගයක් වෙමින් පවතින වර්තමානයේදී නිෂ්පාදන ආර්ථිකයක් කෙරෙහි වැඩි වශයෙන් කතාබහට ලක්වන අතර, පවතින තත්වය අනුව තමන්ට අවශ්‍ය දෑ හැකි තාක් තමන්ම නිෂ්පාදනය කරගැනීම සුදුසු බව බොහෝ දෙනාගේ මතයකි.
මේ වන විට ඔවුන් සිය වගා බිමෙහි වී, මිරිස්, තක්කාලි, කහ, එළවළු වර්ග ආදී එදිනෙදා නිවසට අවශ්‍ය බොහෝ ආහාර බෝග වගා කර ඇති බව එම පෙරමුණෙහි ලේකම් තරිඳු මැන්දිස් මහතා පැවසීය. මෙය කාබනික වගාවක් ලෙස පවත්වාගෙන යාම විශේෂත්වයකි.
ඉදිරියේදී මෙහි කිරිගවයින්, කිකිළියන් ආදී සතුන් ද ඇතිකරමින් කිරි බිත්තර ආදියද නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.
නිවසේ මල් පෝච්චියක හෝ එළවළු පැළ කිහිපයක්, මිරිස් පැළයක්, කහ, ඉඟුරු පැළ කිහිපයක්, පළා වර්ගයක් වගා කර ගැනීමට බොහෝ දෙනෙක් පෙළබී සිටිති.
නගරබද විවිධ වෘත්තීන්හි නිරත වන මෙම පිරිස අනුරාධපුරයට ගොස් වගා කටයුතුවල ඉතා සාර්තකව යෙදෙති.
පෞද්ගලික අංශයේ කළමනාකරුවන් ඡායාරූප ශිල්පීන් හා ජ්‍යෙතිෂවේදින් හා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ පිරිසක් මෙම කාර්යෙහි නිරතව සිටිති.
සරල, සුවදායී, නිරෝගී දිවියක් උදා කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතියට එක්වන අයගේ නිවෙස්වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වස විසෙන් තොරව හා පහසුවෙන් සපයා ගැනීම මෙම පෙරමුණෙහි අරමුණ වී තිබේෙ
වසර ගණනාවක් තිස්සේ අප විසින් සිදුකරන ලද පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව කී මැන්දිස් මහතා මෙහිදී නිශ්පාදනය කෙරෙන සියලු දෑ සාමාජිකයන් අතර බෙදාගන්නා බව ද කීවේය.
මෙම ක්‍රියාවලියට දැනට 15 දෙනකු පමණ මේ සඳහා සම්බන්ධ වී සිටින බවත්, ඉදිරියේදී තවත් පුළුල් කිරීම තම සංවිධානයේ අරමුණ බවත් ද තරිඳු මැන්දිස් මහතා ප්‍රකාශ කළේය.
ආහාරපාන සපයාගැනීම සම්බන්ධයෙන් ඇතිවන මානසික පීඩනය අවම වීම, වැඩ කළයුතු කාලය අවම වීම තුළින් වෙනත් හැකියාවක් හා කුසලතාවයක් වර්ධනය කරගැනීමට කාලය ඉතිරිවීම, ආහාරපාන සඳහා වන වියදම අවම වීම නිසා ඉතිරි වන මුදල් ඵලදායි මාර්ගයක ආයෝජනය කළ හැකි වීම, රටේ දළ දේශීය නිශ්පාදිතය ඉහළ යාම, රැකියා අවස්ථා බිහිවීම හා තාරුණ්‍යයට වෘත්තිය පුහුණුවක් ලැබීම, විදේශ සංචිත රට තුළ ඉතිරිවීම, රට ස්වයංපෝෂිත වීම ආදී බොහෝ වාසි මෙවැනි ව්‍යාපෘති හරහා ලැබෙන බව ද ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතියට ඕනෑම අයකු දායකවිය හැකි බව ද එම සංවිධානය කියයි.










යෝගා අභ්‍යාසවල පුරුදු පුහුණු කරන අවස්ථාවක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර වටිනවද...? මහජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගන්නේ නැතිව දේශපාලන වැඩකරන විශ්ව විද්‍යාල සිසුන්ට හොඳ ආදර්ශයක්...!
ඉතාමත් හොඳ වැඩක්. අපි කෘෂිකාර්මික රටක් කියලා තේරුම් අරන් ඉදිරියටම යමු. ඔවුන්ව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න.. මටත් හැකි පමණ උදව් කරන්න පුළුවන්...!
ඔන්න ඉන්නවා නියම පිරිමි...!
අන්න වැඩ.. මේ රට ගොඩගන්න ඕනෑ අපි මිසක් වෙන කවුරුවත් නොවේ... තරුණයිනි, ඔබට ජය, අවස්ථා වැඩි දේශපාලකයන්ගේ ගොදුරක් හෝ බිල්ලක් නොවී ඉදිරියට යමු...
කතෘ මණ්ඩලය ඇමතීමෙන් මොවුන් පිළිබඳ විස්තර සහ ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි ආකාරය දැනගත හැකිය.
ලෝකෙට ඇහෙන්න අඬබෙර ගහලා නිකම් විකාර නොකර කරන වගාවක් කර ගනිල්ලා මිනිසුනේ. දියුණු රටවල ගොවියන් සද්දයක් නැතිව වගාකරලා ඔවුනුත් පොහොසත් වෙලා රටටත් කෑම සපයනවා. ලංකාවේ අයට මොන දේ කළත් වගතුවක් නැහැ. හිත්වල තියන කුහකකම්වලට...!
ඉතාම ආදර්ශමත් ක්‍රියාවක්. ඇතැම් මානසික රෝගීන් මෙහි යම් වැරැද්දක් දකින වගක් පේනවා. ඒ ඔවුන්ගේ දුර්වල සහ නිවට නියාලු මනසේ හැටි. මෙවැනි දේ ප්‍රසිද්ධ කිරීමෙන් වෙනත් තරුණ කොටස්ද මෙවැනි දේට පෙළඹෙනවා. අපේ රටේ හැම බිම් අඟලක්ම වගා කරන්න පුළුවන්... ආහාර හිඟයක් එන්නේ නෑ එහෙම වගාකළාම...!
කුහකකමට අනික් එවුන්ගේ සාර්ථකත්වයට ගරහන අය අල්ලන මෙහෙයුමක් ආවොත් මෙතන ඉන්න සමහරුන්ට අබසරණයි..!!!
ඕක යුද්දෙන් පස්සේ ආමි එක කිහිප වරක් කළානේ.. දැනුත් කරනවා... අපිත් ඕක කළේ ආමි එකෙන් කොපි කරලා. මුලු ලංකාවෙම ඉස්සර ඉඳන් තියෙන එකක් ..!
හිටපු ගොවියන් ටික විනාශ කරලා දමලා අලුත් ගොවියන් ගෙන එන්න වගෙයි මේ හදන්නේ... එතකොට අර පූර්ණකාලීන අත්දැකීම් ඇති පරණ ගොවියාට මොකක්ද ඇතිවෙලා තියෙන සෙත... මේවා සමහරක් දේශපාලකයින්ගේ උප්පර වැට්ටි... හිටපු පරණ ගොවියන්ව හිඟන්නන් බවට පත්කරලා අලුත් ගොවියන්ව රජවරු බවට පත්කරන්න වෙන්න ඇති මේ හදන්නේ.. සමහරවිට දැන් ඉන්දියන්, මියන්මාර, පාකිස්තාන කාබනික හාලේ බත් කාලා, මොලේ පෑදිලා වෙන්න ඇති මේ වගේ නයි පෙන්වන වර්ගයේ නාට්‍ය රඟදක්වන්නේ...!
අපි අපේ පාරම්පරික ගොවිබිම්වල ගොවිතැන් කළේ සොමියට නොවේ.. දරුපවුල් ජීවත් කරවන්න. අපට මේ තරුණයින්ට වගේ කොළඹ පන්නෙට හැදුණු දෙමව්පියෝ හිටියේ නැහැ. නමුත් අපි වෙහෙස මහන්සි වෙලා වැඩකරලා, ට්‍රැක්ටර් එහෙම තියාගෙන හොඳට කාලාබීලා දනට පිනට එහෙම දීලා ජීවත් වුණා. අද අපට කොළඹ කොන්ක්‍රීට් අනන්න සිදුවෙලා තිබෙන්නේ ගෝඨාභය මහත්තයා පොහොර තහනම් කළ නිසා. දැන් සිමෙන්ති සහ අනෙකුත් අමුද්‍රව්‍ය හිඟ නිසා ඉදිකිරීම් නවතින්න හදන්නේ. එහෙම වුණොත් මොනවා කරන්න වේවිද කියලා මම දන්නේ නැහැ. හෙණ ගහන්න කියලා කියනවා ඇරෙන්න වෙන දෙයක් අද අපට කියන්න ඉතුරු වෙලා නැහැ. ප්‍රචණ්ඩත්වය මම අනුමත නොකළත් මිනිස්සු අර සැපවාහන, මන්දිර ගිනිතැබුවේ පීඩනය උහුලාගන්න බැරිව.. මොවුන් මේකට විසඳුමක් නොදී දිගින් දිගටම මේකෙ එල්ලිලා ඉඳගෙන අපිව කෑවොත්, අපිත් නිකන් ඉන්නේ නැහැ.
බද්‍රානි ඔය තරුණයෝ ඔතැන ඉඳන් හැමදාම ගොවිතැන් කරකර ඉන්න එකක් නැහැ පොඩි අත්දැකීමක් ගන්න කරන වැඩ. ඔයා බය වෙන්න එපා..
වවන එක යහපත් දෙයක් ... සංදර්ශන නිෂ්ඵල දෙයක්.. පහුගිය කාලේ පුරන් කුඹුරු කොටන්න ආපු හාදයට නම් දැන් සරුයි කියලා අපි දන්නවා. හැබයි අස්වනු ගැන අහන ප්‍රශ්න වලට තාමත් උත්තර නෑ.
ඉතා අගය කරමි . මෙම දුෂ්කර අවස්ථාවේ ඉතා විශිෂ්ට කාර්යයක්. මේ තමයි නියම අරගලය . පරිත්‍යාග සඳහා කරුණාකර ඔබගේ දුරකථන අංකය ,හෝ බැංකු ගිණුම් අංකය ප්‍රකාශ කරන්න