(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රේගු නිලධාරීන් පිරිසක් විදේශගතව සිටියදීද වැටුප් ලබාගෙන ඇතැයි අනාවරණය වූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
රේගු ප්‍රධාන කාර්යාලයේ ඇඟිලි සලකුණු භාවිතා කිරීමට ඇඟිලි සළකුණු යන්ත්‍රය සවි කර තිබුණද එය පූර්ණ වශයෙන් සක්‍රීය තත්ත්වයේ නොපවතින බව එම කමිටුව අනාවරණය කරගෙන ඇත.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය කොවිඩ් වසංගත තත්ත්වය නිසා ප්‍රමාද වූ බව රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් රේගු නිලධාරීන් කාර්යාල ගත ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස වර්ගීකරණය කර ඇති හෙයින් රාජකාරි ස්වභාවය අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමේ අපහසුතාවක් පවතින බවද එම ප්‍රධානින් කමිටුව හමුවේ වැඩිදුරටත් පවසා ඇත .
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසු අංශ සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ හැකි අංශ ඇතුළත් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානින්ට උපදෙස් දී ඇත .
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ක්‍රමානුකූලව සිදු වෙනවාද යන්න අධීක්ෂණය කිරීමේ වගකීම රේගුවේ ඉහළ නිලධාරීන් සතුව පවතින බව කෝපා කමිටුවේ සාමාජිකයෝ මෙහිදී පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු නම් ඉතින් අහන්න දෙයක් නැහැනේ...
ක්ෂේත්‍රයට යන කෙනා කාර්යාලයට ඇවිත්නේ යා යුත්තේ... දන්නා කාලයකම සිට කරන වංචා නිසා මේවා වෙනස් කිරීම හරිම අපහසුයි. නමුත් කළ යුතුමයි. නැත්නම් රට එක තැන..
විදේශගත වෙන්නේ රාජකාරියේ කොටසක් ලෙස නම් පඩි දෙනවා මම හිතන්නේ...!
ඕවා මොනවද... අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා මොන වැඩක් කළාටද පඩි ගන්නේ?
රාජකාරි සඳහා විදේශගත වන සියලුම අයට පඩි හිමි වේ...
රට ගියාට වැඩිය ගාණක් හොයන්න පුලුවන් මෙයාලට ලංකාවේ ඉඳන් ජරාව කෑවා නම්...!
මෙහෙත් ඉන්නවා ගුරු හොරු,රාජ්‍යය සේවකයෝ.මාස් පතා රජයෙන් පඩි අරගෙන මෙහෙ පාටි ටයිමි කරනවා.ඒ අවශ්‍යය ලියකියවිලි අළුත් කරන්න විතරක් ලංකාවට ඇවිල්ලා යනවා.අවශ්‍යය නම් ලිපිනයත් එක්කම දෙන්නම්.
රජයෙන් ලැබූ ශිෂ්‍යත්ව මත විදේශගතවන අයත්, රාජකාරි අවශ්‍යතා මතක විදේශගතවන අයත් සඳහා වැටුප් ගෙවනු ලැබේ. මේ බව දැනගෙනත් යම් යම් පුද්ගලයින් මෙවැනි වාර්තා පළ කරන්නේ රජයට සහ රාජ්‍ය නිලධාරීන්ට මඩ ගැසීම සඳහායි.
අපේ රටේ අද හොරකම නීතිගත වෙලා. හැම කෙනාම පුළුවන් විදිහට හොරාකෑමේ යනවා... ඉහළම පුටුවල ඉඳලා කම්කරුවා දක්වා... මේ රට 2050දී කොහොම වෙයිද? ඉතියෝපියාව, සිම්බාබ්වේ, මැඩගස්කරය වගේ වෙනවා ශුවර්...
නිකම් ඉඳන් පඩි ගන්න අය රාජ්‍ය සේවයේ ඕනෑතරම් ඉන්නවා. පගාවක්, සන්තෝෂමක්, ජරාවක් ලැබෙනවා නම් බලන්න එපැයි තියෙන උනන්දුව..?
කණුවල ගසා වෙඩි තැබිය යුතුයි