(රෝෂන් තුෂාර)

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.

සැකකරුවන්ට ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපද නියම කෙළේය.

විදෙස් ගමන් තහනම් කළ අතර ඇපකරුවන් ට අදාළ ඇපය අධිකරණයේ තැන්පත් කළ හැකි බවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය. විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.

නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අරුණ වරුණහැන්දිගේ සැකකරුවන්ට මෙසේ ඇප නියම කෙරිණි. පැමිණිල්ල දෙසැම්බර් 8 වෙනි දින යළි කැඳවීමට නියමිතය.