සංවිධානාන්තමක අපරාධකරුවෙක් වන හරක් කටා නොහොත් නදුන් චින්තක යන අයට පහසුකම් ලබාදීමට රුපියල් කෝටි 12ක අල්ලස් ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ හැන්නදිගේ යන තිදෙනාම ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් මෙහදී නියෝග කෙරුණි. රඛිත රාජපක්ෂ මහතා සහ චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය ජූනි මස 25 වන දින අත්අඩංගුවට ගෙන තිබුණි.