(සිරංගිකා ලොකුකරවිට)
රැකියා වීසා බලපත් නොමැති සියලු දෙනා රටෙන් පිටකරලීමට අවශ්‍ය විධිවිධාන යොදවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
රැකියා වීසා බලපත්වලින් තොරව පුද්ගලයන් ගණනාවක් ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු අණාවරනය වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.
අග්‍රාමාත්‍යවරයා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා සමඟ මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත් වූ බවද ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ ඇති විදේශිකයන් පිළිබඳ කරුණු සොයා බලා ඔවුන් රට තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධව එහිදී අවධානය යොමු වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ හරිම ෂෝක් රටක්නේ ලංකාව. වීසා නැතුව හිටිය කියලා කිසිම ප්‍රශ්නයක් නැ. හරිම ලේසියෙන් ආපහු ගෙදර යන්න පුළුවන්. අපි තව ආරාධනා කරමු යන්න තැනක් නැති අය ඇවිල්ලා ලංකාවේ ඉන්න කියල. එයාලට බෝම්බ දෙක තුනක් පුපුරනකල් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කියල ඊට පස්සෙත් ප්‍රශ්නයක් නැතුව පිට වෙලා යන්න පුළුවන්.
විල්පත්තුවේ කැලැ එලිකරපු ප්‍රදේශවල ලක්ෂ ගණන් ඉන්නවා විදේශික පදිංචි කරුවන්. ඒ අයත් එක්කද ඔබ කියන්නේ? අවංකව කතා කරන්න. මිනිස්සු හිතන තරම් මෝඩ නැහැ ඔබලාට චන්ද දුන්නු පලියට.
රටේ සිදුවී තිබෙන විනාශය මානව පැහැදිලිව තිබෙනවිට ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා පැමිණි විදේශීය ගුරුවරු ගැන අමුතුවෙන් සොයා බලන්නට දෙයක් ඉතිරි වී නැහැ ඉස්ලාම් අන්තවාදය පතුරුවන්නේ එම පිරිස තමයි. එහි විවාදයක් නැහැ. එමනිසා එසේ වංචාවෙන් මෙරට රැඳවී සිටින සියලුම පිරිස් උදාහරණ ලෙස ඉන්දියානු පකිස්තානු බංගලිදේස රෝහින්යා ඊජිප්තු ආදී සියලුම වැරදි ලෙස මෙරට රැඳී සිටින්නන් වහාම රටින් පිටමන් කල හුතුයි.
රටේ නීති විරෝධී ලෙස ඉන්න මිනිස්සු පිටකරන්න දෙන්ඩ හිතුණේ අඩුගානේ දැන්වත් මොවුන් වහාම රටන් පිටමන් කරන්න වගේම අනාථයෝ විදියට විදේශ වලින් මේ රටට පුද්ගලයන් ඒමත් වහාම නතර කරන්න පිටරට අනාථයෝ තියාගෙන සත්කාර කරන්න පොහොසත් රටක් නෙවෙයි අපි............
දැන් මතක්වෙලා තියෙන්නේ
මෙන්න ඇමතිවරු.
මෙච්චර කල් බුදියගෙනද හිටියේ???
රටේ නීතිය කඩපු අයව රටින් පිටුවහල් කරන්නත් මුස්ලිම් අැමැතිලාගෙන් අවසර අයදින ගොන් සිංහල ඇමැතිලා වැඩකට ඇති කෙනෙක් ඔය කැබිනට් එකේ නැහැ...