
(යොහාන් භාසුර)
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ‘වාහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින්’ බත්තරමුල්ල පොල්දූව හන්දියේ මේ වන විට විරෝධතාවක නිතරව සිටියි.
රැකියා විරහිත උපාධිධාරීහූ රාජගිරිය ගුවන් පාළම අසළ සිට බත්තරමුල්ල පොල්දූව හන්දිය දක්වා පාගමනින් පැමිණ එම ස්ථානයේ විරෝධතාවක නිතරව සිටිති.
’මර්ධනය හකුලා ගනිව්, පොරොන්දුවූ රැකියා 35,000 වහා ලබාදෙනු සහ උපාධිධාරීන්ට වයස් සීමා පනවා කප්පාදු නොරනු’ ආදි පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී ඔවුහු විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ රැකියා තියෙනවා... මහන්සි වෙලා වැඩ කරනවා නම්
කොහෙත්ම අනුමත කළ නොහැකි ඉල්ලීම් මේවා... මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, අනිත් මිනිස්සුන්ගේ සල්ලිවලින් ජීවිතේ ඉතුරු ටිකත් ගතකරන්න කරන ඉල්ලීමක්, රජය අධ්‍යාපනය දෙන්න බැඳිලා හිටියාට (සමහර රටවල ඒ ටිකත් නැහැ) රස්සාවල් දෙන්න බැඳිලා නැහැ. අනිත් අතින්, සමහර උපාධි කොහෙත්ම, කිසිම රැකියාවකට අදාලම නැහැ. පෞද්ගලික අංශයේ රැකියා ඕනෑතරම් තියනවා. හැබැයි, මහන්සිවෙලා වැඩකළ යුතුයි. ඒවාට යන්න මේ අය කැමැතිම නැහැ. අනිත් එක වයස 30 ක් ගෙවෙනකම් මේ අය මොනවාද කළේ?
හකුලා ගන්න මර්ධනයක් කොහෙද තියෙන්නේ බොරු ජනගත කරනන උපාධිධාරීන් පිළිබඳව කටයුතු කළ යුතුයි
මේක සමාජ ව්‍යසනයක්. දැනටමත් රජයේ සංවර්ධන නිලධාරී විදියට ගත්තොත් ඒ ආශ්‍රිත රැකියා වල බරපතල අතිරික්තයක් තියෙනවා. තව දුරටත් සංවර්ධන නිලධාරීන් කියල පුරප්පාඩු නැති තනතුරු වලට බඳවා නොගත යතුයි.
සිංහල, බෞද්ධ අධ්‍යයන, සමාජවිද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, දර්ශනය, පුරාවිද්‍යාව, ප්‍රසාංගික කලා, සන්නිවේදන, ඉතිහාසය... ඔය මෙකී නොකී ආට්ස් සබ්ජෙක්ට් කරලා උපාධි ගැනීමේ විපාකය... මේ අය මේ විෂයන්වල ප්‍රාමානිකයොත් නොවෙයි. සාමාන්‍ය උපාධි ගත්තු අය ගොඩායි. විෂය තුනක් එහෙන් මෙහෙන් අතගාලා ගන්න උපාධියේ ස්වභාවය ඒකයි. ඒවාට ගැලපෙන දෙන්න රස්සා නැහැ. අනික, රස්සාවලට වුවමනා ඔය විෂය දැනුම නොවෙයි. ඉංග්‍රීසි, පරිගණක දැනුම, පාරිභෝගික සේවා ගැන දැනුම, තීරණ ගැනීමේ හැකියාව, නව අදහස් උත්පාදනය, සැලසුම් සකස් කිරීම ආදිය. එව්වා ඉහත විෂය වලට එහෙන් මෙහෙන් රිංගවලා තියෙනවා මිසක් වැඩකට ගන්න පුළුවන් ආකාරයකට උගන්වන්නෙත් නෑ. ඉතිං රස්සා දෙන අයට අවශ්‍ය දේ මෙයාලා ළඟ නෑ. මෙයාලා ළඟ තියෙන දේ වටිනාකමක් දිය හැකි රස්සා නැහැ. ඒ දැනුම මුදලට පෙරළන්න බෑ. කතාව එච්චරයි.
මහ විකාරයක් මේක, මේ කාලකන්නි මිනිස්සු රටට මහා බරක් සාපයක්, මොවුන් ටිකට මොන්ටිසෝරියේ ඉඳලා නිකම් පොත්ටික, ඇඳුම් ටික සපත්තු දී ලා උගන්නන්න ඕනේ. ඊළඟට උපාධි ගත්තාට පස්සේ නිකම් ඉන්න රස්සාවල් දෙන්න ඕනේ, පෙන්ෂන් ගියාට පස්සේ මැරෙන කල්ම නිකම් පඩි දෙන්න ඕනේ. මේ ඔක්කෝම කරන්න ඕනේ මේ රටේ බදු ගෙවන අපි නේද? මොන පවක්ද මේ රටේ බදු ගෙවන මිනිස්සූ ගෙවන්නේ...
එදා මාලිමාව මේවා පසුපස සිට ඔවුන් කුලප්පු කරන්නට ඇත. දැන් මාලිමාව බලයේ සිටී. අපි නිදහස් අධ්‍යාපනයෙන් හොඳින් ඉගෙන ගත්තෙමු. ඒ සඳහා කිසිඳු මුදලක් මට නම් වැය වූයේ නැත. රැකියාවක් ලැබෙන තුරු මට ශිෂ්‍ය ආධාරද ලැබුණි. කිසිම රජයක් අපට රැකියා දෙනවා යැයි පොරොන්දු වී නැත. ඒවා සොයා ගැනීම අප සතු වගකීමකි. මොන රජය බලයේ සිටියත් කම් නැත. මේ රැකියා විරහිත කල්ලිය වැරැදි වග මගේ මතයයි. එය ඔවුන්ගේ දුර්වලතාවක් මිස රටේ වැරද්දක් නොවේ.
මට නම් හරිම සන්තෝසයක් දැනෙනවා. කාලකන්නි සන්තෝසයක්. කොල්ලනි තව වර්ජනේ කරපල්ලා...
අපරාදෙ, ජවිපෙ හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ. එහෙනන් 35,000ම එක දවසේ ගෙනල්ලා, පාරවල් බ්ලොක් කරලා ආතල් එකක් දෙනවා. දැන් පොලීසියෙන් ගෙනල්ලා එලවන්න බලාගෙන ඉන්නවා. ඡ්න්දෙ දීලා ගුටි කනවා කියන්නෙ ඕකට තමයි.
උපාධියක් තිබුණා කියලා රජයෙන් රැකියාවක් දෙන්න ඕනෑ කියලා කොහෙද නීතියක් තියෙන්නේ. තමන්ගේ හැකියාවෙන් වර්ධනය කරගෙන රටට බරක් නොවී පෞද්ගලික අංශයේ රැකියාවක් හොයාගන්න. නැත්නම් වෙන රටකට ගිහින් හරි රැකියාවක් හොයාගන්න...
අවුරුදු දහතුනක් නිකං උගන්නලා, විශ්ව විද්‍යාලවලත් නොමිලේ උගන්නලා, රස්සාවකුත් පිනට දීපල්ලකෝ...! උපාධිධාරීන්ට පිනට රස්සා දෙන්නේ නැහැ කියන්න කිසිම ආණ්ඩුවකටවත් කොන්ද පණ නෑ. ජනතා මුදලින් අකාර්යක්ෂම, අනාචාරශීලී රාජ්‍ය සේවය නඩත්තු කළා ඇති.
අපේ දරුවොත් උපාධිධාරීන් තමයි . ඒ අයගේ මහන්සියෙන් රැකියා සොයා ගත්තා. මේ අයගේ ලගට රැකියා එන්නේ නැත. මහන්සි වෙලා ඔයා ගන්න ඕනා. එක අතකින් කමක් නැත . මේ අය පාරට බසින එක ඕක තමා කියන්නෙ දිට්ට දම්ම වෙදනීය කර්මය කියලා. කලින් ආන්ඩු තියන කාලේ ජෙප්පො මේ අයව කුලප්පු කරලා පාරට එව්ව.