IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යෝධ වැවේ ’’චන්ඩි’’අල්ලන්න නියෝග

(අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද සිතුම් චතුරංග)

යෝධ වැව අභය භූමි ජල පෝෂක ප්‍රදේශයේ මායිම් ගල් දැමීමට බාධා කරන අය වහා අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරම දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පොලිසියට දැනුම් දුන්නේය.

යෝධ වැව අභය භූමි ජල පෝෂක ප්‍රදේශයේ අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳවද මෙහිදී නිලධාරීන් ජනාධිපතිවරයාට කරුණු සැල කර සිටි අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඉහත දැනුම් දීම කළේය.

වැවේ මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එහිදී නිලධාරීන් කීවේ පුද්ගලයන් 40 දෙනකු විසින් මෙහි ඉඩම් අක්කර 293ක් අල්ලාගෙන සිටින අතර අඳ ගොවියන්ට එම ඉඩම් වගා කිරීමට ලබාදී තිබෙන බවයි.

ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේ මෙලෙස ඉඩම් අල්ලා ගත් අය සාමාන්‍ය ගොවීන් නොව වෙන බලයක් තිබෙන අය විය හැකි බවයි.

වැව් ,වන ජීවී ආදියට අයත් ඉඩම් එම ආයතන සතු කර ගත යුතු බව කී ජනාධිපතිවරයා එලෙස අත්පත් කර ගැනීමෙන් පසු යම් ප්‍රමාණයක් බැහැර කළ හැකිදැයි කියා දෙවැනිව සිතිය යුතු බව සඳහන් කළේය.

" මෙතරම් බලයක් තියෙන අය කවුද? මායිම් ගල් දැමූ පසු ඊට වෙන කවුරුන් හෝ ඇතුළු වෙනවා නම් ඒ අය අත් අඩංගුවට ගන්න" යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම කමිටු රැස්වීම පැවැත්විණි.



අදහස් (0)

යෝධ වැවේ ’’චන්ඩි’’අල්ලන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site