(කේ බුද්ධික කුමාරසිරි)
ඝාතනය කර ළිදකට දමා ඇතැයි සැක කරන යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් අද (15) හෝමගම පිටිපන මෛත්‍රිදාස මාවතේ වෙල් යායක් අසල ළිදක තිබී හමු වූ බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි.
එලෙස මියගොස් සිටින පුද්ගලයා මීගොඩ පානළුව පුදේශයේ පදිංචිකරුවකු වන උපුල් ජනක කුමාර නැමැති යුද හමුදා සෙබළෙකු බවට අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා යුද හමුදා සේවයෙන් පසු පෞද්ගලික කුලී රථ සේවාවක ත්‍රී රෝද රථ ධාවනය කරන බවත් ඉකුත් 13 වන දින එලෙස ත්‍රී රෝද ධාවනයට ගිය පසු නිවසට නොපැමිණි බව මියගිය අයගේ බිරිද විසින් මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ද කර තිබූ බවද පොලිසිය පවසයි.
සිරුර හමු වූ ලිද අසල තිබි ඊයේ (14) දින එම පුද්ගලයාගේ ත්‍රී රෝද රථය ද හමු වූ බවද පොලිසය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd