(හේමලතා ඩී හේවගේ)

පන්නල නාලවලාන ප්‍රදේශයේදී මාඔයේ දියනෑමට ගිය තරුණයකු දියේ ගිලී මියගොස් ඇතැයි  පන්නල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කොලපතන ස්ටේට් හුන්ගාල කැටපුලාව 23 හැවිරිදි මින්නල් පොඩිකාගවන් නැමති තරුණයෙකි.

තවත් මිතුරන් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දි ඇති බව ද පොලිසිය කියයි.