IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යෝශිත - ඩේසිගේ නඩුවට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුව ඔක්තෝම්බර් 15 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද (22) නියම කළේය.

2012 සහ 2015 අතර වසර 03ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති කැදවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ මිලදී ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතූවෙන් මුදල් විශූද්ධීකරණය කිරීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

අදාළ දේපළ මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් නඩුවට අදාළ තවත් ලේඛණ කිහිපයක් තමන්ට දෙන බව පැමිණීල්ල විසින් දැනුම්දී ඇතැයි පැවසීය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්ති පාර්ශවයට දියයුතු ලේඛන ඇත්නම් ඒවා දීමට කටයුතු කරන ලෙස පැමිණීලි පාර්ශවයට නියම කළ විනිසුරුවරයා නඩුව ඔක්තෝබර් 15 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව ජුලි 11 වැනිදදා යළි කැදවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.



අදහස් (3)

යෝශිත - ඩේසිගේ නඩුවට දින දෙයි

කෞෂි Monday, 22 September 2025 08:46 PM

මැණික් මල්ල දුන්න කෙනාව අඳුනගන්නම බැරි උනානේ. බොරු නීතිඥය වගේම, බොරු රොකට්කාරය වගේම මෙයත් බොරු නේවි ඔෆිසර්. මේ බොරුකාරයෝ රට ගොඩනගන්න ආයෙත් ඉල්ලනවා. බයියෝ හැමදාම රැවටෙනවා.

:       1       1

පිටිගල මිලානෝ Monday, 22 September 2025 11:53 PM

රාජපක්ෂලාට අහුවුනොත් නාකි ආච්චි කෙනෙක් වුනත් ඉතුරු කරන්නේ නෑ…

:       1       1

Ileperuma Tuesday, 23 September 2025 06:39 AM

ඩේසි ෆොරස්ට් මහින්ද රාජපක්ෂගේ නැන්දම්මා නොවේ. ඇය ශිරන්තිගේ නැන්දා කෙනෙකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site