
(චන්ද්‍රසේන ගමගේ සහ රොෂාන් රාජික)
හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල වලව් මහත්තයා ආර ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් අද අලුයම තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කොට ඇතැයි හුංගම පොලිසිය පවසයි.
ඝාතනය වී ඇත්තේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට චෝදනා ලැබූ රන්න කැලණිගම පදිංචිව සිටි අයෙකු හා කුඩා වැල්ලේ පදිංචිව සිටි කාන්තාවකි.
මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මොවුන් දෙදෙනා ඝාතනය කොට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
හුංගම පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මේ පළාත් වල මෙවැනි අපරාධ තිබුන පැති නොවෙයි .
එක පොදියට මිනිසුන් මිය යාම මේ ආණ්ඩු කාලේ වැඩි වෙලා කියල පෙනෙන්න තියෙනවා. ඇක්සිඩන්ට් හෝ මිනීමැරුම් නිසා සැහෙන ජීවිත අහිමි වෙනවා. ආණ්ඩුවේ හෙන්චය්යන්ට රිදුනාට මේ දෙය කියන්නම ඕන.