IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


යල කන්නයේ අස්වැන්න දළදා සමිඳුන්ට පූජා කරයි

(යොහාන් භාසුර)

ජාතික ආහාර සුරක්ෂිතතාවට දායකත්වය ලබාදෙමින්, යල කන්නයේ නෙළාගත් සහල් සහ අනෙකුත් ධාන්‍ය අස්වැන්නේ අග්‍රඵලය දළදා වහන්සේට පූජා කිරීමෙන් කෘතවේදිත්වය පළ කිරීම සහ ඊළග කන්නය සාර්ථක කරගැනීම උදෙසා දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ‘සිරි දළදා යල් අස්වනු පූජාව’ පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පූජාව පැවැත්විණි.  

අළුයම් කාලයේ සතර මහා දේවාල මුරුතැන් පූජාවෙන් අනතුරුව දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අළුත් සහල්, ධාන්‍ය  සහ රන් වී කරල් රැගත් ගොවීන් උඩ මහල වෙත ගොස් දළදා සමිදුන් ඉදිරියේදී අලුත් සහල් පූජාව පවත්වා මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිළිගැන්වීය.

එමෙන්ම ශාන්ත අන්තෝනි දෙව් මැදුරට, මීරා මක්කම් පල්ලියට, පුල්ලෙයාර් කෝවිලට ද අලුත් සහල් සහ අනෙකුත් ධාන්‍ය පූජා කර ඒ ඒ ආගමික වතාවත් ඉටුකළේය.

ඈත අතීතතයේ සිට පැවත එන යල් කන්නයේ අස්වැන්නේ අග්‍රඵලය දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම සිහිපත් කරමින් මෙම යල් අස්වනු පූජාව පැවැත්විණි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති  වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මැද සිදුකල මෙම පුණ්‍යකර්මය සදහා ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තෝ, වාරිමාර්ග අමාත්‍යශයේ ලේකම් චන්දන ජයලාල්, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සහ ගොවි සංවිධාන 894 ක ගොවි මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (0)

යල කන්නයේ අස්වැන්න දළදා සමිඳුන්ට පූජා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 399 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site