
(අංජුල මහික වීරරත්න)
නාම යෝජනා බාර ගත් දා සිට ඡන්දය දිනය තෙක් කාලය අඩු කර ගැනීම සඳහා ක්‍රමවේද සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබේ.
යුරෝපය ඇතුළු දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවල ආදර්ශ ලබා ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු මැතිවරණ කොමිසමට දුන් උපදෙස් වල සඳහන්ය.
ශ්‍රී ලංකාව මැතිවරණ පැවැත්වීම සඳහා වැඩිම කාලයක් ගන්නා රටක් නිසාත් මැතිවරණ කාලය දිගු වීමෙන් අනවශ්‍ය ලෙස වියපැහැදම් වන මුදල් කන්දරාව පිළිබඳවත් අවධානය යොමු කර ඇති ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම ඒ සඳහා කාලය ශ්‍රමය මෙන්ම මුදල් ද වැය කරන බැවින් එය රටේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාමට බාධාවක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනං මැතිවරණ කොමිසම වහාම ජනාධිපති උතුමාණන්ගෙන් මැතිවරණය පැවැත්විය යුත්තේ කෙසේද කියා උපදෙස් ලබා ගනීවි.
මේවා නිකන් බයිලා...
මොන ක්‍රමය ගෙනාවත් එකම පන්තියේ කණ්ඩායම් දෙකෙන් එකකට බලයට එන්න පුළුවන් වෙලාවට තමයි ජන්දේ තියන්නේ...
එහෙනම් ළඟදිම ඇමතිත් එක්කලා කට්ටියක් යුරෝපයේ සංචාරයකට යයි වගේ...?
අපේ රටේ ව්‍යවස්ථාවට අනුව පළාත් පාලන ඡන්දෙ මේ වසර තුළ තිබී නැති නම් ලබන වසරේ මාර්තු වෙනකොට රනිල්ට වෙන්නේ ගොනාට වුණු වැඩේ. මෙදාපාර මිනිස්සු එතැනින් නතර වෙන්නේ නැහැ. මෙදාපාර මිනිස්සු 225ම ගෙදර එළවලා තමයි පස්ස බලන්නේ. එහෙම වුණාට පස්සේ පණ බේරගෙන රනිල්ට යුරෝපයට පැන්නොත් යුරෝපයේ දේශපාලන රැකවරණ අරන් ජීවිත කාලයම යුරෝපයේ ක්‍රම අධ්‍යයනය කරමින් ඉන්න පුළුවන්.
අම්මපා? ඒ ක්‍රෙම්ට හෝ ඡන්දෙ දාගෙන ලේසි ඇති...?