(සිතුම් චතුරංග)
යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර කිහිපයක් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් අද (3) අත්අඩංගුවටගත් බව කෝපායි පොලිසිය කියයි.
යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ කලාපීඨය ඇතුළු පීඨ සහ නේවාසිකාගාරවල සිදුකළ සෝදිසියකදී මෙම පෝස්ටර කිහිපය හමුවී තිබේ.
මෙම සෝදිසි මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිල සුනඛයින් ද යොදා ගත් බව පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී මෙම එල්.ටී.ටී.ඊ නායකයාගේ රුව සහිත පෝස්ටර හමුවී ඇති අතර එහි එල්.ටී.ටී.ඊ ප‍්‍රධානියකු වූ ඇන්ටන් බාලසිංහම් නැමැත්තාගේ ද පෝස්ටර කිහිපයක් තිබූ බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. දිවාකරන් (24) හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. බදිල්රාජ් (23) යන සිසුන්ය.
සෝදිසි මෙහෙයුමේදී ස්ථාන කිහිපයක තිබී තවත් සැකකටයුතු භාණ්ඩ හා යුද හමුදා සපත්තු (බූට්) කිහිපයක් ද සොයාගත් බව ආරක්ෂක අංශ පැවසූහ.
යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චිය ඉංජිනේරු පීඨය හා වවුනියාව විශ්වවිද්‍යාල මණ්ඩපයේ නේවාසිකාගාර ද ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර සිසුන් දෙදෙනා යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ හමුදාවට, පොලිසියට සියලුම දෙවියන්ගේ ආරක්ෂව පතන්නෙමි
අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි.
මේ අවස්ථාවේ හරි ඕක සෝදිසි කරපු එක වටිනවා.. ඔතන ආයෙත් එල් ටී ටී හිස ඔසවමින් ඉන්න තැනක් කියලයි ආරංචි
ඉස්සෙල්ලම අත්අඩංගුවට ගන්න ඕන දෙමල ජාතිවාදය පතුරුවන සම්බන්දන් සහ සුමිතරන්
කොහොමත් මුළු රටම විශ්වාසය තබා තියෙන්නේ ආරක්ෂක අංශ කෙරෙහි පමණක් වන අතර බලලෝභී අවස්ථාවාදී දේශපාලකයන් කෙරෙහි කිසිඳු විශ්වාසයක් නොමැත. සියලු ආරක්ෂක අංශවලට දෙවියන්ගේ පිහිටයි. මේ දේශයේ සියලු මව්වරුන්ගේ හා පියවරුන්ගේ ආශීර්වාදය ලැබේවා...!!!
දේශයේ මුර දේවතාවන් වූ ත්‍රිවිද හමුදාව, පොලීසිය සහ සියළුම ආරක්ෂක සේනාවල විරුවන්ට රටට, ජාතියට හිතැති සැමගේ ගෞරවය සහ ආශීර්වාදය ලැබේවා...!!! මේ රට විනාශ කිරීමට මාන බලාසිටින ජනාධිපති, අගමැති ඇතුළු මේ ආණ්ඩුවේ සියලු මැති, ඇමති, මන්ත්‍රීවරු සියලු දෙනා විනාශ වේවා...!!!
ජය වේවා !!!
දැන් අර්බුදවලට හා විවාදයට භාජනය වී ඇති නැගෙනහිර විශ්ව විද්‍යාලත් පරීක්ෂණයට භාජනය විය යුතුයි...
විනාශයක් බලාපොරොත්තුවෙන් සිටිය 225 ටම කරුමය හෙවනැල්ල වගේ පස්සෙන් එ්වි. දැන දැන මහා විනාශයකට ඉඩහැරිය ඔවුන්ගේ විනාශය අත ලඟයි.