IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


යාපනයේ යුද හමුදාව මිරිස් අස්වැන්න නෙළයි

( රොමේෂ් මධුෂංඛ)

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් හෙක්ටයාර් 6 ක ගොවිපලේ භූමි ප්‍රමාණයක සාර්ථක මිරිස් වගාවක් සිදු කර  තිබේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් පරිද් යුදහමුදා සෙබළ සෙබලියන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම මිරිස් වගාව වගා කිරීමට පියවර ගෙන තිබුණි.

එලෙස වගාකරන ලද මිරිස් වගාවේ අස්වැන්න මේ දිනවල නෙලීම සිදුකෙරෙන අතර මෙවර මිරිස් අස්වැන්න ඉතා සාර්ථක බවටද යුදහමුදාව පවසයි.

මිරිස් අස්වැන්න ඉදිරියේදී යුදහමුදා සේනාංකයන්හි අවශ්‍යතාවන් වෙනුවෙන් මෙන්ම වෙළඳපොලටද ලබා දිමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ.

 



අදහස් (9)

යාපනයේ යුද හමුදාව මිරිස් අස්වැන්න නෙළයි

Narada Tuesday, 29 June 2021 11:54 AM

නියමයි... හොඳ වැඩක්...!!! 

:       45       297

කිරිපුතා Tuesday, 29 June 2021 01:26 PM

ජය නියතයි....

:       39       204

siripala Tuesday, 29 June 2021 04:32 PM

රසායනික පොහොරද? කාබනික පොහොරද? වගාවට යොදා තිබෙන්නේ...

:       155       74

දිසා........ගම්පහ, Tuesday, 29 June 2021 02:30 PM

ආදර්ශමත් ක්‍රියාවක්... ඉතා සතුටුයි.

:       45       180

kamal Tuesday, 29 June 2021 02:45 PM

දොස්තරලා සින්දු කියයි.. හාමුදුරුවරු දේශපාලනය කරයි. හමුදාව මිරිස් නෙලයි. නියමයි සර්...

:       756       228

SLTuesday, 29 June 2021 05:24 PM

කමල් තමන්ගේ පක්ෂෙට කඩේ යයි. හොඳ වැඩක් දැක්කත් ඇද සොයයි. සතුටු නොවෙයි.

:       56       380

janaka Tuesday, 29 June 2021 08:54 PM

අස්වැන්න විකුණලා උතුරේ දුප්පත් පවුල්වලට බඩුමල්ල ගානේ දුන්නානම් ගොඩක් හොඳයි.

:       27       45

Prase Wednesday, 30 June 2021 03:05 AM

ඇයි, උතුරෙ මිනිස්සු විතරද කන්නේ...?

:       0       0

jayasekara Wednesday, 30 June 2021 09:15 AM

අරයා පාර්ලිමේන්තුවට ඊළඟ පාර ඇවිල්ලා කියයිද දන්නේ නැහැ.. යුද්ධ හමුදාව මේවාට යොදාගන්න හොඳ නැහැ. ගරු යුද හමුදාපති කොරෝනාවලින් අයින් කරන්න කිව්වා වගේ මේ අයවලුනුත් මේ වගාබිම්වලින් අයින් කරන්න කියලා. එහෙව් සුපිරි මොලේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17795 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site