(අංජුල මහික වීරරත්න)
යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවක බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි අයුරින් දිලීර වර්ධනය වී තිබූයේ ඒවා නිසි පරිදි ගබඩා නොකිරීම නිසා බව අදාල සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවෙන් නිගමනය කර තිබේ.
ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද මෙම බීජ අර්තාපල් තොගය ගොවීන්ට බෙදා දීම සඳහා යාපනයේ කුප්පිවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබියදී දිලීර විශේෂයක් හා බැක්ටීරියා ආසාදනයකින් අර්තාපල් තොගයෙන් සියයට 40ක් විනාශ වී තිබිණි.
අදාල සිද්ධිය සම්බන්ධව වහාම වාර්තාවක් දෙන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දුන්නේය.
ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික්ක කාර්යාලය මගින් ඒ සම්බන්ධව විමර්ශනයක් කර එම වාර්තාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ.
මෙම බීජ අර්තාපල් බහුතරයක් හොඳටම කුණු වී ඇති බවත් ඒ ආශ්‍රිතව Geotrichum Spp නැමැති දිලීරයත් Pectobacterium Carotovorum නැමැති බැක්ටීරියාවත් එම බීජ අර්තාපල්වලට වැලදී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd