
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යන්ත්‍රයක් මතට ඇදවැටි සිදුවු අනතුරකින් හොරණ කර්මාන්ත ශාලාවක සේවකයෙක් අද (03) පස්වරුවේ මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි.
හොරණ බටුවිට මව්ගම ප්‍රදේශයේ පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල මියගොස් ඇති තැනැත්තා අද පස්වරු 2.05 ට පමණ මැෂිමක් අඵත්වැඩියා කරමින් සිටියදි ඒ මතට වැටි ඇතැයි පැවසේ.
ඔහු හොරණ මුලික රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල් ගතකිරිමේදි මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.
මෘත දේහය පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා හොරණ මුලික රෝහලේ තැන්පත් කර තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ හොරණ පෝරුවේදන්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබිලිව්.එම්. කුසුම් හේමන්ත කුමාර නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.
හොරණ මුලස්ථාන පොලිස් පරික්‍ෂක තිස්ස කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරික්‍ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd