(නිමල කොඩිතුවක්කු)
යුද්ධයට ගත් තීන්දු වසංගතය මැඩ පැවැත්වීමට ගැනීමෙන් පලක් නොවන බව දැන්වත් ආණ්ඩුව තේරුම් ගත යුතු බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
ආණ්ඩුව ගෙන යන උද්දච්ච දරදඩු ඒකාධිපති පාලනය දැන්වත් නවතා විශේෂඥ උපදෙස් මත කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
එසේ කළ නොහැකිනම් ජනතාවගේ ජීවිත විනාශ නොකර ඉල්ලා අස්වී රට කරවීමට හැකි පිරිසකට රට බාර දෙන ලෙස ඉල්ලා සිටින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
සංචරණය සම්පූර්ණයෙන්ම නතරකර තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට කැප වෙන්නයි විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
ආර්ථිකය රැක ගැනීමට යන ආණ්ඩුව මිනිස් ජීවිත රුපියල් සත ඩොලර් වලින් මැනිය නොහැකි බව තේරුම් ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා ඉතින් යුද්ධයට තීන්දු ගත්තෙත් නැහැනේ... සහරාන්ගේ ප්‍රහාරයට මුකුත් කළේත් නැහැනේ. කොරෝනාවට තීන්දු ගත්තෙත් නැහැ.
උද්දච්ච, අනුවණ පව්කාරයින්..
ඔව් සහතික ඇත්ත.. එසේම නොමැති බලයක් ලබාගන්න මහජනතාව කුලප්පු කරමින් වර්ජන, උද්ඝෝෂණ කරමින් බෝඩ් එල්ලාගෙන රෝග බෝවීමට ගත්ත ක්‍රියා මාර්ගවලින්, තීන්දුවලින් ඵළක් නැහැ නේද ගොයියෝ...?
කෝවිඩ් නම් වූ ගෝලීය වසංගතයෙන්, දේශපාලන වාසි ලබා ගැන්මට උත්සාහ ගන්නා ලොව එකම රට ශ්‍රී ලංකාවයි.
මොන කතාද? යුද්දෙට ගත්තු තීරණේට ඉහළ තීරණයක් ඉතිහාසයේ නෑ. ඒ තීරණේ තමයි ලංකාවේ කෝකටත් තෛලය.