
තමන් යුද්ධයකට කැමැත්තක් නොදැක්වුවත්, යුද වැදීමට සූදානමින් සිටින බව ඊශ්‍රායලයත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් පවසා ඇත. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය මෙසේ පවසා ඇත්තේ, යුද්ධයකට යෑමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිණි.
හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල 300 කට වැඩි ප්‍රහාරයක් එල්ල කළේත්, එම ප්‍රහාරය වළක්වා ගනිමින්, ඊශ්‍රායලය පෙරළා හිස්බුල්ලා කඳවුරු 11 ක් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේත්, ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින්, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරී ෆුවාද් ෂුකර් මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමය යුද්ධයට වඩා ගොඩාක් වැදගත්...!
දෙයක් කිව්වාම හැංගුණු අර්ථය සොයන්න මම පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. සියලුම වචන අනික් පැත්ත හරවලා බලන්න. එනම්, "යුද්ධයකට කැමැතියි, හැබැයි සූදානම් නැහැ" -- මේක නේද මොවුන්ගේ අඳුරු යථාර්තය?
සාමය අවශ්‍ය නම් යුද්ධයට සැරසෙන්න කියන කියමන සිහිවුණා...