IMG-LOGO

යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා හමුවිය. ඒ, පෝලන්තයට ගිය අවස්ථාවේදීය. පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර යුක්රේනයේ අසල්වැසියෙකි. දහස් ගණනක් යුක්රේන සිවිල් වැසියන් යුද ගැටුම්වලින් බේරී පලා යමින් සිටින්නේ ද පෝලන්තයටය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අතර හමුව පැවැත්වූයේ පෝලන්ත යුක්රේන දේශසීමාවේදීය. ඇමෙරිකාවේ සහාය නොඅඩුව යුක්රේනයට ලබා දෙන බවට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහතියක් ලබා දුන්නේය.

රුසියන් හමුදා ප්‍රහාරවලින් බේරීමට සහ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති අවශ්‍ය බවත්, ඒවා තමන්ට පලබා දෙන ලෙසත් යුක්රේන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යවරයා ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගෙන් ඉල්ලා සිටියේය. යුක්රේන විදේශඅමාත්‍යවරයා හමුවීමෙන් පසු, යුක්රේන සරණාගතයන් හමුවී ඔවුන්ගේ සුව දුක් විමසීමට ද බ්ලින්කන් කටයුතු කළේය‍.

(ඒ.එෆ්.පී.)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (2)

යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන්

සිල්වා Sunday, 06 March 2022 03:03 PM

මෙම යුද්ධයට ප්‍රධාන හේතුව ඇමරිකාව සහ යුරෝපීය රටවල් විසින් රුසියාව හුදෙකලා කොට බිත්තියට හේත්තු කිරීමයි...!

:       3       108

අප්පුහාමි Sunday, 06 March 2022 06:37 PM

මේවාට කියන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවනවා කියලා...

:       1       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site