
(ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග)
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 වැනි සොනංකය සහ කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවල අස්වැන්න නෙළීම මේ දිනවල සිදු කරයි.
58 වන සේනාකයේ සෙබළුන් සාම්ප්‍රදායික ක්‍රම යොදා ගනිමින් වගා අක්ක 12ක අස්සනු නෙළීම හා කොළමැසීමේ කටයුතු සිදු කළේය.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ඩබ්ලිව්.ඒ.එස්.එස්.වනසිංහ මහතාගේ මූලිකත්වයෙන් අස්වනු නෙළීම ආරම්භ කළේය.
දෑකැති භාවිතා කර අස්වනු නෙළීම කටයුතු සිදු කළ අතර ගොයම් පෑගීම අම්බරුවන් යොදා ගැනීම විශේෂ සිද්ධියක් විය.
කන්දකඩු යුද හමුදා ගොවිපළේ අක්කර 180ක වී අස්වනු නෙළීම ද පසුගියදා සිදු කෙරිණි. 3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකායේ අණ දෙන නිලධාරී ලුතිතන් ජනරාල් ඩී.එල්.සී.එන්. මුතුතන්ත්‍රිගේ මහතාගේ උපදෙස් මත එම බළකායේ සෙබළු අස්වනු නෙළීම සිදු කළහ.
(ඡායාරූප: සිතුම් චතුරංග)






කන්දකඩු යුද හමුදා ගොවිපළේ අස්වනු නෙළීම




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොයම් කැපුවාට පසුව කොළ වේලෙන තුරු දවසක් දෙකක් තියෙන්න හැරියා නම් කොළ මැඩීමේදී වී ඇටය ඉක්මණින් ගසෙන් වෙන්වෙනවා..
ඇත්ත තත්වය තේරුම් ගන්න ඕනේ. හමුදාවට ඕනෑතරම් සම්පත් තිබෙනවා. මානව සම්පත් තිබෙනවා. ඒත් අහිංසක ගොවියා මොකද කරන්නේ? කාබනික ගොවිතැන නෙමෙයි ප්‍රශ්නේ... ඒ වෙනුවෙන් යොදපු වැඩපිළිවෙළ...
මෙහි නිෂ්පාදන වියදම කීයද? සාමාන්‍ය ගොවියෙකුට මෙතරම් පඩියක් ගෙවන්න අධික ශ්‍රමයක් යොදාගත හැකිද?
එක ලියැද්දක් කරන්න කීදෙනෙක් ඉන්නවද? රටේ සාමාන්‍ය මිනිස්සුත් ඔහොම 100ක් විතර දාගෙන ගොවිතැන් කරනවා කියලද හිතන්නේ.. රටේ මිනිස්සුන්ගේ බදු මුදල් නේද මේ මරි මොට්ට වැඩවලට විනාශ කරන්නේ... කාබනික ගොවිතැන වගේ උත්තම සංකල්පයක් ක්‍රියාත්මක කරනකොට ඔය වගේ දවසෙන් දෙකෙන් ගහෙන් ගෙඩි එන්නා වගේ කරලා රටේ ගොවිතැන නැති භංගස්ථාන කරන්නේ බූරු පාලකයින්... එව්වා කරන්න ඕනෑ හරියට ප්ලෑන් කරලා ගොවි සංවිධාන හරහා ගොවියා දැනුවත් කරලා. රටේ කාබනික පෝර නිෂ්පාදනය ඉහළ නංවලා.. මේක රටට ගේන පෝර වලිනුත් මාටියා ගහලා ගොවිතැනත් විනාසම කරලා දැම්මා. අපි දැන් බෝංචි කරලකට රුපියල් 50ක් ගෙවන්න වෙලා. බූරු පාලකයින්, අපේ කරුමෙට මේ අයට ඡන්දේ දුන්නේ ...
දැන් කාව සතුටින් තියන්නද? රවට්ටන්නද? මේ වගේ පොටෝ දාන්නේ.. ඔහොම නොකර අතින්ම බිම ගහලා වී ඇට ගැලෙව්වා නම් තවත් හොඳයි.. කාබනිකයි, ස්වභාවිකයි කියලා මේ වගේ විහිළු සපයන්නත් රටේ හමුදාවම යොදාගන්න එක වෙන්න ඇති සර්ගේ හොඳටම කෙරිල්ල..
"මැදිරගිරි මහ අඹගස්වැව යායනවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගාකළ කුඹුරු අක්කර 200ක් පමණ ගොයම ගොවීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය." "යුද හමුදාවේ කාබනික වී වගාව සරු වී" මට නම් පිස්සු වගේ... !
හැම ගමකටම හමුදාවේ කෙනෙක් දාමු... උපදෙස් දෙන්න ගොවීන්ට..!
සියලු පහසුකම් සහ මූලධනය උපරිමව ඇති හමුදාව මේ සංදර්ශන පෙන්නන්නේ එදා වේලවත් සපුරාගන්න බැරි කබලෙන් ලිපට වැටී ඉන්න ගොවියාටද..? ලැජ්ජයි මහත්වරුනේ... ලැජ්ජයි...!!!
මේක සර්ගේ ෆොටෝ ෂූට් එකක්.. බයියන් හුරේ දානවා...!