
(අංජුල මහික වීරරත්න)
තිස් වසරක් පැවති යුද්ධය නිමා කරන මොහොතේ සේනාධිනායක ලෙස කටයුතු කළ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රණවිරුවන් උදෙසා ආශිර්වාද කිරීමත්, යුද්ධයේදී දිවි පිදු රණ විරුවන්ට පිං පැමිණවීමත්, ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමත්, රණවිරු පවුල්වල අයට උපහාර පිදීමත් අරමුණු කරගනිමින් ඓතිහාසික තිස්සමහාරාම රජ මහා විහාර භූමියේදී ආශිර්වාද පූජාවක් පැවැත්විණි.
මෙම ආශිර්වාද පූජාව සඳහා අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යය ඕමාරේ කස්සප නා හිමි, තිස්සමහාරාම සදගිරි උභය මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධර්මසේන,දේශප්‍රේමී භික්‍ෂු සංවිධානයේ මහලේකම් බෙංගමුවේ නාලක නාහිමිවරුද සහභාගී වූහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු කථානායකවරුන් වන චමල් රාජපක්ෂ සහ මහින්ද යාපා අබේවර්ධන මහත්වරු ඇතුළු දේශපාලකයෝ රැසක් මීට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මිනිසුන්ව රවටන්න බැහ මේ වගේ නාටක පෙන්නලා...
ලෝක හොරු වුනත් මල් අරන් යනකොට මල් ටික ලස්සනයි...
මොවුන්ට තමා කියන්නේ මාර කපටි හොරු කියලා...!!! මැදමූලන හැරමිටි නාකි මයිනා හෙවත් "මරා" දැන් ඉන්නවා කියන්නේ, "අදද-හෙටද " කියන්න බැරි තරම් ඉතාම දුර්වල තත්ත්වයකලු... ඉතාම වැදගත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් ලැබුණු මෙම පුවත ගැන වැඩිදුර විස්තර දැන්ම හෙළි කරන්න බැහැ.. ඒක වෙනම කථාවක්.... යුද මෙහෙයුම් වලදී රට වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිත රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට සහ සෙත් පැතීමේ කඩතුරාවට මුවාවී, මෙම ප-රාජපස්ස සංහතිය කර තිබෙන්නේ වෙනත් "සෙත් පැතීමේ" පිං කමක් බව අපේ ආරංචි මාර්ග තව දුරටත් සනාථ කරනවා...! මෑතකදී දණිස් වල ශල්‍යකර්ම වලට මුහුණ දී, 80 වෙනි වියට පා තබන "වලපයයි - ගොඩ පයයි" තබා සිටින "මරාට ", සෙත් පැතීම සඳහා, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ නාමයෙන් රාජපක්ෂ රංචුව, මරාට පිං දීලා, මැරෙන්නෙත් ඉස්සර වෙලා...!!! රණවිරුවන්ට අනුමෝදන් කිරීමට කියා කරපු පින්කමේ පිං ටිකත්, හොරකම් කරගෙන, ඔවුන්ගේ මඩියට දමා ගත් මොවුන් වැනි ජරා, කපටි වරිගයක් ලොවෙත් නැත, ලොවි ගහේත් නැත !
යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට පින් දෙන්නේ නැද්ද ?
දේශදෝහි නිරාගමික පරදේශක්කාරි වසල ආණ්ඩුවක් බිහිකිරීමට ඡන්දය දුන්නු වෛරී සිත් ඇති කුහක කුජිත ලාංකික ගොබ්බ ජනතාවට අපගේ බලවත් කණගාටුව. සියලුම රණවිරුවන් ඇතුළු මියගිය සමස්ථ සියලු ලාංකික ගිහි පැවිදි දෙපක්ෂයටම නිවන් සුව අත්වේවා...!
දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් තියපු, ,යුද්දෙන් පස්සේ සුද්දේ දිපු දුශිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ආසිර්වාද පූජාවක?