(රොමේෂ් මධුෂංඛ)

යුදසමයේදී භාවිත කාරන ලද යුදටැංකි ප්‍රහාරක පතුරම් තොගයක් විකිණීමට උත්සහ ගත් පුද්ගලයන් 06 දෙනකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ  සාමාන්‍ය වැසියන් වෙතට නිදහස් කරන ලද ඉඩමක පොළව යට තිබී සොයාගන ඇති යුදටැංකි ප්‍රහාරක පතුරම් දෙකක් මෙලෙස වෙනත් පාර්සවයකට විකිණීමට සැලසුම් කොට තිබියදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

එහිදී කිලෝ 400 කට ආසන්න බරකින් යුතු යුදටැංකි ප්‍රහාරක පතුරම් දෙක කුමන හේතුවක් සඳහා විකිණීමට උත්සහ දරා ඇත්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කියවේලි සහ පුදුකුඩඉරිප්පු ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් මාන්කුලම් අධිකරණයට ඉදරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද  පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.