(පැතුම් දර්ශන)

හොරොව්පතාන කපුගොල්ලෑව  දුටුවැව සහ කපුගොල්ලෑව අතර කැලෑවේදී යුද අභ්‍යාසයක නිරතවෙමින් සිටි නාවික හමුදා සෙබළකුට අද උදැසන අත්වැරදීමකින් වෙඩි වැදීමකින් බරපතල තුවාල ලබා කපුගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවු බව කපුගොල්ලෑව පොලිසිය කියයි.

මෙලෙස වෙඩි වැදී බරපතළ තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය සාම්පූර් නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ විසිහැවිරිදි සෙබළකුටය.

ඉකුත් 5 වැනි දා ආරම්භ කරන ලද මෙම යුද අභ්‍යාසය හෙට (07) දින නිමා කිරීමට නියමිතව තිබුණ බව පොලීසිය කියයි.