(අප්සරා යෝසිත් විජේසූරිය සහ ලසන්ත නිරෝෂණ )

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කැටන්දොල පාලම පිහිටි ස්ථානයේ  අද (13) පෙරවරුවේදී  මෝටර් රියක සහ යතුරුපැදියක ගැටුණු කන්ටේනරයක්  මාර්යෙන් ඉවතට  පැන  කැටන්දොල පාළමෙන්  පහළට පෙරැළි  අනතුරක් සිදුවි අතැයි රත්නපුර පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේ රත්නපුර ඇඹිලිපිටිය  මාර්ගයේ රත්නපුර දෙසට ගමන් කළ කන්ටේනර් රථය රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කර ඇති අතර  මෝටර් රියක සහ යතුරුපැදියක  ගැටී තිබේ.

මේ පිළිබඳව රත්නපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ සිදුකරයි.

මේ  අනතුරින් පසුව කන්ටේනර් රථයේ රියදුරු රෝහල්ගතකර ඇතිබව පොලිසිය සඳහන් කරයි .

මේ අනතුර හේතුවෙන්  කාර් රථයට හානි සිදුවී ඇති අතර කාර්රථයේ සහ යතුරුපැදියේ ගමන් කළ අයට බරපතල තුවාල  සිදුව නැති බව පොලිසිය කියයි.

 

(ඡායාරූප අප්සරා යෝසිත් විජේසූරිය)

(ඡායාරූප ලසන්ත නිරෝෂණ)