
(එස්.යු.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
නිවෙසට අවශ්‍ය බිත්තර රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් පාසල් සිසුවකු කලගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි වේයන්ගෙඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම අනුර මධ්‍යමහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන තිලාන් මාධව රත්නවීර නමැති සිසුවෙකි.
අනතුරට පත් සිසුවා නිවසේ සිට කලගෙඩිහේන හන්දිය දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් දරුවා කණගාටුයි... නමුත් පාරේදී ඔබලා දාන සෙල්ලම් වලට අනේක වාරයක් මම කියලා තිබෙනවා... ඔයා වැඩිදුර යන්නේ නැහැ කියලා.
වලංගු රියදුරු බලපත්‍රය නැතුව යාමට දීමෙන් දෙමාපියන් වරදක් කරලා දරුවත් නැතිකරගෙන තියෙනවා ඒ ගමන් කියන්න ඕන වාර්තාව ලියූ කෙනා ගෙදරට අවශ්‍ය බිත්තර ගේන්න ගියා නොකියා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න ගියා කියලා කිව්වා නම් වඩා හොඳයි නේද?
හෙමින් ගිහිල්ල වෙන්න ඕන පාලනය කරගන්න බැරි, ස්කූටි කියන බඩකඩිත්තු නිසා ගෑනුත් කම්මැලිවෙනව. ජීවිතත් නැති වෙනව. සාමාන්‍ය යතුරුපැදියකට වඩා ඉන්ධනත් නාස්ති වෙනව. සාමාන්‍ය බයිසිකල් මෙච්චර පදින්න ලෙසි නැති නිසා ළමුන් මෙව පදිනව වැඩයි.
ස්කූටියක් නෙමෙයි ට්‍රේල් බයික් එකක්...!