
(ප්‍රදීප් කුමාර)
යාපනය තිරුණවේලී ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුනගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
තිරුනවේලී රාමලිංගම් මාර්ගයේ උද්‍යානය අසල මෙම අනතුර සිදුව තිබේ යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එක් යතුරු පැදියක පුද්ගලයන් තිදෙනකු හා තවත් යතුරු පැදියක පුද්ගලයන් දෙදෙනකු ගමන් කොට ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදි දෙක පාලනය කර ගත නොහැකිව එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව තිබේ
අනතුරත් සමග යතුරු පැදි දෙකම ගිනි ගෙන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් යතුරු පැදි දෙකෙහි ගින්න නිවා දමා තුවාල කරුවන් රෝහල් ගත කොට තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd