(ජේ ඒ එල් ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න )
යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ) චම්පික විජෙරත්න( 53) , ඔහුගේ බිරිඳ සහ දියණිය ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
පේරාදෙණිය පොලීසියට ලද තොරතුරක් මත ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ.
මියගිය චම්පික විජේරත්න මහතා දිගු කලක් දේශපාලනයේ නිරතව සිටි අයෙකි. ඔහුගේ සිරුර නිවසේ කාමරයක එල්ලී තිබියදී පොලීිසියට හමුවී ඇති අතර 16 හැවිරිදි දියණියගේ සහ බිරියගේ සිරුරු නිවසේ තැනින් තැන තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි. ඔවුන්ගේ කුඩා දියණිය සිද්ධියෙන් දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි.
මෙම අභිරහස් මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පේරාදෙණිය පොලීසිය පවසයි. මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් හේතුවක් මත මෙසේ සිදුවීද යනන පිළිබඳව පරීක්සණ පවත්වන බව පොලීසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යටිනුවර ප්‍ර.ස. විපක්ෂ නායක-බිරිය-දියණිය අභිරහස් ලෙස මැරිලා
Bunny Preena Tuesday, 29 July 2025 09:13 AM
මිනීමැරුමක් ද , දිවි නසා ගැනීමක්ද යන්න තහවුරු කරන්න බොහොම ප්‍රවේශමෙන්, උපායශීලීව පරීක්ෂා කිරීමට සිදු වෙයි. දැන් සිදුවන මිනීමැරුම් පරීක්ෂකයින් නොමග යවන සුළු විදිහටයි සිදුවන්නේ.
යෝගා Tuesday, 29 July 2025 10:25 AM
මිනීමරුවෝ පාලකයෝ බවට පත් උනාම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. පොලිසිය උපරිමව දේශපාලනීකරණය වෙලා නිසා සාධාරණ පරීක්ෂණයක් වෙයිද කියලා සැකයි.
කපුරුහාමි Tuesday, 29 July 2025 02:09 PM
සුදුවෑන් ඝාතන අතුරුදන් මිනිමෝරු කරවපු දූෂිත බලලෝබි දේසපාලුවෝ හිටපු කාලේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
පරාTuesday, 29 July 2025 02:48 PM
යෝගා මෙච්චර කාලෙකට මිනීමරු පාලකයො දැකල තිබුනෙ නැද්ද? ලංකාවෙ නෙවෙයිද හිටියෙ?
seneTuesday, 29 July 2025 04:11 PM
88/89 කාලය ද ?
රියන්සි ප්‍රනාන්දුTuesday, 29 July 2025 04:45 PM
මේ යෝගා සහ ගුණරත්න යන අයගේ කමෙන්ට් දැක්කාම, මේ වගේ මන්ද බුද්ධිකයෝ මේ රටේ ඉන්නවාද කියලා පුදුම හිතෙනවා...
පිටිගල මිලානෝ Tuesday, 29 July 2025 11:42 AM
ඈ බොල යෝගා, ඔබ කියන ඔය මීනීමරුවෝ දැං දෙකයි පනහට වැටිලනේ…. ඒ කියන්නේ උං තාමත් මිනී මරන එක අතඇරලා නැද්ද…? සුදු වෑන් එවනවාද?
පරා Tuesday, 29 July 2025 11:56 AM
ජවිපෙ ආයිත් වැඩ පටන් ගෙන වගෙයි. සෙවිල්ලෙන් හිටියොත් හොඳයි.
fairoos Tuesday, 29 July 2025 12:06 PM
ඉතා කණගාටුයි... නිවන් සුව ලැබේවා
Perera Tuesday, 29 July 2025 12:08 PM
එල්ලිලා මැරුණ කෙනෙකුයි මරලා එල්ලපු කෙනෙකුයි අධිකරණ විද්‍යානුකුලව නිගමනය කළ හැකියි
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 29 July 2025 12:43 PM
පාලකයෝ මිනීමරුවෝ වෙලා තමයි ප්‍රදීප් එක්නැළිගොඩ අදටත් නැත්තේ, මාද්‍යවේදී ලසන්ත වෙඩිකෑවේ, තාජු ඩීන් සහ රතුපස්වල තරුණයින්ව ඝාතනය වුණේ, තෙල් නැතිකාලේ තෙල් පෝලිම්වල හිටපු නිරායුධ අහිංසක සිවිල් ජනතාවට වෙඩිතියල මැරුවේ.
පැරකුම් Tuesday, 29 July 2025 02:39 PM
හරිම කනගාටුදායක ප්‍රවෘත්තියක්. හොඳ නිහතමානී, වැඩක් කල කෙනක්
පිටරැටියා Tuesday, 29 July 2025 03:55 PM
වහලුන්ට අමතක වෙලා පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා ,අලුමතින් බලයට ආපු බලලෝබී බඩගෝස්තරවාදී මිනීමරු දේසපාලුවන්ගේ කෙරුවාවල්? සමහර වහල්ලූ හිතාගෙන ඉන්නේ අපි අන්ද,ගොලු බිහිරෝ කියලා වෙන්ඩැ
Chathuri Tuesday, 29 July 2025 03:57 PM
නාමල් බේබි. හිටිහැටියෙ රටින් පිටවුනෙ ඇයි. මේ මිනිහා ගොඩක් මෝඩ යෙක්. නිසා. මේවගෙදේවල් කරන්න. හරි හපනා කිසිම දෙයක් නොවුන ගානට මම හිටියේ පිටරට කියන්න පුලුවන් නිසා. මේ වගෙ උන්ට දෙවියෝ නුවනදුන්නෙ නැත්තෙ. ඒකයි.
sene Tuesday, 29 July 2025 04:13 PM
ජන්මයට වඩා පුරුද්ද ලොකු කියනවා නේද ?
Asela Tuesday, 29 July 2025 05:47 PM
උපදෙස් දීමට හෝ උදව් කිරීමට කිසිවෙක් නැත. කුඩා දරුවා තවමත් ආරක්ෂිතව සිටින්නේ ඇයිද යන්න මෙහි ගැටළුවකි. කුමක් කීවත්, කළත්, මේ රටේ ජනතාව ස්වල්ප දෙනෙක් හැර, විශේෂයෙන් සිංහල ආතතියෙන් සිටිති...