(යොහාන් භාසුර)

ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඉදිරියේදී යෝගට් එකක මිල රුපියල් 55 ක් හෝ 60 ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා කිරි ආහාර නිෂ්පාදන සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත මහතා පැවසීය.

ඩොලර් හිඟ නිසා අමුද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යෑම නිසා 2020 වසරේ රුපියල් 30 ක්ව තිබූ යෝගට් එකක් මේ වන විට රුපියල් 50 ක් දක්වා ඉහළ දමා තිබුණ ද නිෂ්පාදකයාට ලාභයක් නොමැති බව කී  මංජුල නිශාන්ත මහතා යෝගට් කර්මාන්තයට කිරි අඩුවීම සහ අමුද්‍රව්‍ය මිල අධික වීම දැඩි බලපෑමක් කර ඇති බව ද සඳහන් කළේය.

එම ගැටලුවට රජය මැදිහත් වී විසඳුමක් ලබාදිය යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.